IMG-LOGO

මුහුණු පොතේ අසත්‍ය තොරතුරු දැමූ සැකකරුට ඇප

(ඩී.ජී.සුගතපාල)

රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.

ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය.

 



අදහස් (10)

මුහුණු පොතේ අසත්‍ය තොරතුරු දැමූ සැකකරුට ඇප

Vipul Friday, 18 June 2021 06:20 AM

තමන්ගේ අදහසක් කියන්නත් බෑ දැන්... රජය පෙරලෙනවලු. අනේ මෙහෙමත් මෝඩ චූන් ආණ්ඩුවක්....

:       2       42

සිල්වාFriday, 18 June 2021 05:05 PM

J R ජයවර්ධන මහතා ජනාධිපති කාලයේ ඔහුව විවේචනය කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන CID එකේ හතරවන තට්ටුවට ගෙනිච්චා. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍රයේ ජේ ආර් ගැන කවියක් ලියපු කොල්ලෙක්වත් විභාග ශාලාවෙන් දැනුම් දීලා හරි උත්තර පත්‍ර ලකුණු කරපු තැනින් දැනුම් දීලා පොලිසි ගෙනිච්චා. ඒ නිසා මේ අද ඊයේ අලුතින් වෙන දේවල් නොවෙයි. ඒ වගේම අසත්‍ය තොරතුරු පල කිරීම කොටින්ගේ ලොකුම ආයුධයක් ලෙස අදත් ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය පුරා ගෙනියනවා. ඒ තොරතුරු විශ්වාස කරන රාජ්‍ය සහ අනිකුත් සංවිධාන ලංකාවට එරෙහිව නොයෙකුත් සම්බාධක දානවා. ඊට පස්සේ ඔයාලා ආණ්ඩුව මොකක් හරි වුණත් බනිනවා. විශ්වාස නොකරනවා නම් ‘Colombo Telegraph‘ වගේ වෙබඅඩවි බලන්න. ඔවුන් සමහර අසත්‍ය තොරතුරු ලබාගන්නේ මේ වගේ අයගෙන්. දේශපාලන කෝණයෙන් නැතුව රට සහ අන්තිමට අපේම කොටසකගේ මේවාගේ ක්‍රියාවන් නිසා බැට කන අපිම ගැන හිතමු....

:       204       0

බණ්ඩාSaturday, 19 June 2021 12:00 AM

ජේ.ආර්.කරපු නිසා අපි කරනවා.ඒකද මේ කියන්නේ? නිකම් කටට එනවට තමන් නොදන්න බයිලා කියන්න එපා. කොට කරන දේවල් සහ මේක දෙකක්. කව්ද කියන්නෙ මේ ආණඩුව ගැන කියන ඔක්කොම බොරු කියලා? මානව අයිතිවාසිකම් කඩ කරන් නැද්ද? ශානිලා, හිජාස් ලා අත් අඩංගුවේ නැද්ද​?

:       0       3

සදිස් Friday, 18 June 2021 06:55 AM

ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ කළා නම් විනිසුරුතුමා ඇපදෙයිද? පොලිස් ගිරව් ගොතන කතා ගෙඩි පිටින් ගිලින්න එපා. ඔයාලත් මාධ්‍යයේනේ...

:       0       51

Saamira Friday, 18 June 2021 07:30 AM

ඉතින් ආණ්ඩුවේ එහෙම නෑ කියලා හේතු පැහැදිලි කරලා.. ඒ වගේම පෝස්ට් එකකින් උත්තර දෙන්න තිබුණානේ. ඕවා තමයි ආණ්ඩුවේ ඉන්න කේවට්ටයින් කරන ගොන් වැඩ. EU එක GSP ඉවත් කරන්න ඕනෑ කියලා පෙන්නුවේ මේවා තමයි....

:       2       71

සමන්ත Friday, 18 June 2021 11:05 AM

සමන්ත රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. හැබැයි මිනිස්සු අත්අඩංගුවට ගන්න, හිරිහැර කරන්න කොන්ද පණ තියෙනවා. මේ සියල්ල කරන මිනිසුන් කවුද යන්න අප දන්නවා. ඔවුන් එකක් මතක තබාගත යුතුයි. එනම් ජනතාවට රජය විවේචනය කිරීමට, සාමකාමී ලෙස උද්ඝෝෂණ කිරීමට සහ රට විනාශ කාරන්නේ පවතින රජය නම් එය පෙරලා දැමීමටද ව්‍යවස්ථාවෙන්ම බලය ලබා දී ඇති බව. ඔහු කිව්වා නම් නැව අනතුර දැක දැක වන්දි ගන්න ගෙන්නුවා කියලා, ඔව් එහෙම හිතන්න මිනිස්සුන්ට අයිතියක් සහ සාධාරණ සැකයක් තියෙනවා. එ්කට ඔහු අත්අඩංගුවට ගන්න කාටවත් බලයක් නෑ. හැබැයි වැරදි ලෙස බලය පාවිච්චි කළොත්, ඒවගේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම විඳින්න ලෑස්ති වෙලා කරන්න කියලා ඔය ලොකු පුටුවල ඉන්න කාටකාටත් කියන්න කැමැතියි...

:       22       376

Nuwan Friday, 18 June 2021 11:25 AM

ඔන්න පටන් අරන්...!!! 

:       7       79

අශාන් Friday, 18 June 2021 12:04 PM

මෙසේ නිදහස් කිරීමට විරුද්ධව මිනිසුන් පාරට බැසිය යුතුයි. මෙසේ හිතුණු හිතුණු විදියට බොරු දාලා මෙහෙම නිදහස් වෙන්න පුලුවන් නම් හැමදාම මේ රටේ බොරුම පතුරවයි ...

:       261       1

බණ්ඩාFriday, 18 June 2021 04:17 PM

බත් බැලයින් ට්‍රිගර් වෙලා. බලාගෙන කටු ටික නැතිවෙයි.

:       1       125

බද්රානි Friday, 18 June 2021 01:05 PM

මාධ්‍ය මගින් පුම්බලා උඩ ඇරපු පිස්සන් වගේ නෙවෙයි, මතකනේ, ගඩාපි, සදාම් හුසේන්, හොස්නි මුබාරක්ලා වගේ දක්ෂ ඒකාධිපති පාලකයින්ට අත්වුණු ඉරණම. වටේටම මුර බල්ලන් දාගෙන තමන් ආරක්ෂා වෙලා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න දඟලනවා නම්, ඒ තමයි ඔවුන්ගේ පැවැත්මේ අවසානය. ඔය අසත්‍ය ප්‍රවුර්ති පලකරනවාට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ මේ රටේ ජනතාව නයි නටවා මුලා කල අයයි.

:       1       218

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 790 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site