
විමුක්ති එස්. රුද්‍රිගු
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ වසන්ත මුදලිගේ රැඳවුම් භාරයෙන් නිදහස් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශ ඔහු රඳවා තබා ගැනීම සඳහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ලබා දී ඇති ප්‍රකාශ බවත්, එම ප්‍රකාශ කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත් තීන්දුවේ සඳහන් වේ.
සාක්ෂිකරුවන් 42 දෙනකුගේ ප්‍රකාශ සහිත සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ, වසන්ත මුදලිගේ සිදුකළා යැයි පවසමින් ලබා දී ඇති ප්‍රකාශ වෙනත් කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත්, ඇතැම් ප්‍රකාශ මාස ගණනක් පසු වී සම්පිණ්ඩන වාර්තාව සඳහා ලබා දී ඇති බවත් තීන්දුවේ දැක්වේ.
වසන්ත මුදලිගේට කිසිදු ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලැබුණු බවට සාක්ෂිවලින් අනාවරණය වී නොමැති බවත්, අරගලයට පුද්ගලයන් ගෙන ඒම සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා දීමට වසන්ත මුදලිගේ සූදානම් යැයි තමාට පැවසූ බවට ගැමුණු විජේරත්න නම් පුද්ගලයා කළ ප්‍රකාශයද සාක්ෂිවලින් තහවුරු වී නොමැති බවත් තීන්දුවේ සඳහන් කර ඇත.
අරගලයට පසු කලෙක මෝටිවේෂන් අප්පච්චි නම් පුද්ගලයා ප්‍රචණ්ඩ වූ බවට ප්‍රකාශ කළද වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට ප්‍රකාශ කර නොමැති බව ද තීන්දුවේ සඳහන් වේ.
වසන්ත මුදලිගේ, පොලිස් නිලධාරියකු ඇදගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකාශය සාක්ෂි මගින් අනාවරණය වී නොමැති බවත්, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටි තැනක එම නිලධාරියාගේ ප්‍රකාශය හැර වෙනත් කිසිදු පොලිස් නිලධාරියකුගේ සාක්කියක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බවත් තීන්දුවේ දැක්වේ.
පොලිස් නිලධාරීන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එකිනෙකට වෙනස් ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිස් නිලධාරීන් එලෙස ප්‍රකාශ ලබා දී ඇත්තේ වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබා ගැනීමට බව නිරීක්ෂණය වන බවත් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවේ සඳහන් වේ.
පොලිස් නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව පෙනෙන්නට ඇතැයි ද තීන්දුවේ සඳහන් කර ඇත.
වසන්ත මුදලිගේ තර්ජනය කළා යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරි රුද්‍රිගූ මහතා කර ඇති ප්‍රකාශය විශ්වසනීයත්වයෙන් තොර, පසුව නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බවත්, ඔහු වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීම සඳහා එම ප්‍රකාශය කර ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.
ඔහු ඉන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇතැයි ද තීන්දුවේ දැක්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පළමු කොටසේ වැරැදි සාමාන්‍ය නීතිය යටතේ වැරැදි වන බවත්, එම වැරැදි සඳහා විශේෂ නීතියක් පනවා ඇත්තේ එම වැරැදි ත්‍රස්තවාදීන් විසින් කරන ලද විට දැඩි දඬුවම් පැනවීමට බවත් තීන්දුවේ සඳහන් වේ.
නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදියා පිළිබඳ අර්ථ නිරූපණයක් සඳහන් නොවන බවත් ඒ පිළිබඳ නඩු තීන්දුවක් නොමැති බවත් එහි දැක්වේ.
එවැනි අවස්ථාවක පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතිකව යොදා ගන්නා බවත්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇප ලබා දීම වළක්වාලමින් රැඳවුම් භාරයේ තබා ගැනීමට ඇතැම් විමර්ශකයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා බව නිරීක්ෂණය වී ඇති බවත් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවේ සඳහන් වේ.
වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වැරැදි කළ බවට සාක්ෂි මගින් අනාවරණය නොවන බව තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
ආණ්ඩුව චන්දෙට ලෑස්ති වෙනව වගේ
අහන්නත් සතුටුයි ,රටෙ දුක් විදින ජනතාවට සහන ලබා ගන්නයි මොහු පාරට ආවෙ. ත්‍රස්ත පනත පාවිච්චිකරල මොහුට කල අපරාදයට රනිල් ප්‍රමුක රජයට වන්දි ගෙවීමට වැඩි කලක් නොගොස් සිදුවනු ඇත.
ජයවේවා !!!
ජයවේවා!!!!! පුතා, ඔබ ගෙනගිය හොඳ වැඩ සියල්ලම ඒ විදියට කරගෙන යන්න. අපි ඔබත් සමඟයි සැමදාමත්ම.
ඔය ටික තේරුම් ගන්න ගිය කාලයක්. චන්දෙ ලං වෙනකම් මේ බුද්ධිමතුන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා වසන්ත මුදලිගේට අදාළ නොවන බව තේරුම් ගියේ නැති හැටි.
ජය වේවා !!!
ජය වේවා !!
එක් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත් කළ යුතුයි. එසේ කිරීමට මහා පුරුෂයෙක් හෝ මහා පක්ෂයක් තිබේද?
රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ලැබුණු තීන්දුව සහ ජයග්රහණය.
ගරු අධිකරණයට ස්තුතියි , ජයවේවා !!!
අරගලයට ජයවේවා .සත්‍ය කවදා ගෝ ජයගනී
නිස්කාරනේ ඔහුව අත් අඩංගුවට ගෙන ,ඔහුගේ කාලය , කල හිරිහැර සහ සියලුම මානව හිමිකම් කඩවීම පිලිබඳ නඩු පවරන්න වන්දි ගන්න බැරිද?
වසන්තේ උදාඋනා..... මොහුට වන්දියක් ගෙවිය යුතුයි.
ඩිංරි එක හම්බ උනාද ??? ගත්තද???
වසන්ත එළියට බැස්සේ ..දූෂිත දේසපාලුවෝ කරපු විනාසෙට. ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවන්ට විරුද්ධව .නියම ත්‍රස්තවාදීයෝ ඉන්නේ ආණ්ඩුවේ .පින් ජනපතියා ගේ පිහිටෙන් .
නීති විරෝදී විදියට මෙම දරුව සිර බාරයේ තබා ගැනීම ට වරද කරුවන්ට උපරිම දඩුවම් දෙන්න
වසන්ත මුදලිගේ මහතා තරුණ පරපුර අතර සාඩම්බර නිවැරැදිකරුවෙකි. කිසිඳු පැකිලීමක් බියක් නොමැතිව තම අදහස් ඉටුකළ ඔහුටත් ඔහුගේ මිතුරු මිතුරියන් සියලු දෙනාටත් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ආශීර්වාද හා වාසනාව සමඟ. ඔහුගේ අනාගතය
මෝඩයෙක්ව එළවාදැමූ තරුණයා දැන් ඉතුරු හැතිකරෙත් එළවමු…..!
නැවත ඔය ගොයියා ඇතුලට යනවා මොනවද ඔට්ටු?
දැන් ත්‍රස්තවාදියා නිදැල්ලේ... මාර්ග අවහිර කිරීම්වලට සූදානම් වන්න
රැට්ටා ගොඩයාමක් නැත .යුනිවර්සිටි ළමයි ඉගෙනගෙනත් ඉවරයි
දැන් ඡන්ද ගන්න කවුරු නිදහස් කලත් වැඩක් නෑ. මේ ආණ්ඩුව ගෙදර යවනවා.
මුදලිගේට රටට වැඩක් ඇති දේශපාලන ගමනක් යා හැකියි. ඒ සඳහා ජනතා ආශිර්වාදයද තිබෙනවා . නමුත් අනුර කුමාර වගේ කුහකයෝ එයට ඉඩ දෙන්නේ නැහැ . අනුර කුමාර ජවිපෙන් එලවා දමා ජනතා දුක හඳුනන , ඇමරිකන් තානාපතිට ඕන දේවල් නොකරන , පච නොකියන , යහපත් ජනතා නායකයකු පත් කල යුතුයි . මුදලිගේ , ඔබ මෙයට නායකත්වය ගත යුතුයි
පිටරටවල ඉන්න බයියෝ තමයි මුන්ව ෆෝම් කරන්නේ .උන් කාලා බීලා ලංකාවට බනිනවා .නමුත් ඔක්කොම ඉන්වෙස්ට් කරන්නේ ලංකාවේ
ඕං ආයේ ගෝල්ෆේස් පැත්තේ එහෙම යනවා නෙමෙයි. මුලින්ම ගිහින් අම්මා බලලා වරෙන් මයේ පුතේ. උන්දෑ බොහොම දුකින් ඉන්නේ. උඹට අම්මා ගැන කැක්කුමක් නැති උනාට අම්මා කෙනෙකුට දරුදුක තියෙනවා හැමදාම.. ඊට පස්සේ ඉගෙනගන්න බලපන් පුළුවන් විදියට. මදැයි අරගල කොරලා කරගත්තු සිස්ටම් චේන්ජ් එක. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ කියන්නේ මේකටද මන්දා.
රදවා ගැනීම සදහා කටයුතු කළ අයට...........බොරු චෝදනා කළ අයට.........උසස් වීම්ද. .මෙසිරි ලක අනේ මන්දා
අරගල කරලා චන්දෙන් පත්වුන ජනාධිපති පැන්නුව. ඒක වරදක්. මිනිස්සු චන්දෙන් පත්කළේ මිනිස්සුන්ගේ කැමත්ත නිසයි. කොහොමද කීපදෙනෙක් එකතුවෙලා එහෙම කෙනෙක් පන්නන්නේ.
පොලිසිය කරන බොරු වලට විරුද්දව අපිට උසාවි යන්න බැරිද, මේ වගේ අවස්ථාවල?
ඔයා මේ රටේ පුරවැසියෙක්ද තූත්තුකුඩියේ පුරවැසියෙක්ද? අරගල කරපු එවුන් අන්න සජියගේ නැට්ටේ එල්ලිලා...
ගැමුණු කියන අවජාතිකයයි ,මොටිවේෂන් අප්පච්චි කියන අවජාතකයි .සල්ලි වලට පිනට කහින්න ගිහින් කෙලෝගෙන .ගමුනුවා කියන්නේ අමු කුඩ්ඩා ,පාතාලයා.මොටිවේෂන් අප්පච්චි කියන්නේ පස්ස හරි විකුනලා සල්ලි ලැබෙනවානම් ඌ ඒකත් කරන වල බල්ලෙක්.මුන් දෙන්නම සක්කිලි
එලියට ඇවිල්ල කොල්ලො කෙල්ලො ටිකත් අල්ලගෙන අයෙමත් පටන් ගනි රට පෙරලන්න....