
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර මාන්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සැකකරුට එරෙහිව ඇති චෝදනාවේ.
දණ්ඩ නීති සංග්‍රහ පනත වගන්ති 386,389,400, 457 යටතේ සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 (1)(2) වරදවල් බව පොලිසිය සඳහන් කරයි.අඩංගුවට ගත් සැකකාර මාන්ඩලික සැරයන්වරයා 39 හැවිරිදි කිරිවත්තුඩුව පිටිපන දකුණු පදිංචිකරුවෙකි .
2025 දෙසැම්බර් මස 18
306
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට