
(අංජුල මහික වීරරත්න)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත නිසි කළමණාකරණයකින් උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජන සහ සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” ඊයේ (12) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයන්ගෙන් එකකි. දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතී. විශේෂයෙන්ම යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී ඇත. වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත.
මෙහිදී පැවැති උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” මෙරට සෞඛ්‍ය සේවාවේ තීරණාත්මක, දැවැන්ත ඉදිරි පියවරක් බවත්, සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අමතරව පාර්ශ්ව රැසක් සම්බන්ධ කර ගනිමින් යමක් තීන්දු කළහොත් කළ හැකි බවට වූ හොඳම උදාහරණය මෙම ජයග්‍රහණය සමග සපථ කරන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd