IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මීටියාගොඩ වෙඩි තැබීමක් අයෙක් මරුට

(සුසිල් ප්‍රියන්ත,  ඩී.ජී.සුගතපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිටියාගොඩ මානම්පිට ප්‍රදේශයේ අවන්හලකදී මත්පැන් පානය කරමින් සිටි දෙදෙනකු ඉලක්කකර සිදු  කළ  වෙඩි තැබිමකින් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා  තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මීටියාගොඩ එරනවිල පදිංචි වරදිවෙල ගෙදර සරත් චමින්ද උදය කුමාර නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම දෙදෙනා අවන්හලේ මත්පැන් පානය කරමින් සිටියදි රාත්‍රි 10.50  පමණ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු ටි.56 ගිනි අවියකින් සහ 09 එම්.එම්.වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි තැබ්මෙන් ලබා ඇති පුද්ගලයා  මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි අම්බලන්ගොඩ ප්‍රාද්ශිය සභාවට ස්වාධින කණ්ඩායමකින් අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂකයකු බවද පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඔහු ඉලක්කකර මෙම වෙඩි තැබිම සිදුකර ඇතත් දේශපාලන හේතුවක් මත සිදුකර ඇති එකක් නොවන බවය.

ඔහු මෙයට වසර කිහිපයකට පෙර සිදු කරණ ලද මනුෂ්‍ය ඝාතනයකට අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයකු බවද පොලිසිය පවසයි.

අවන්හලේ හිමිකරුද එම ස්වාධින කණ්ඩායමෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට තරග කරණ අපේක්ෂකයෙකි.

 

 



අදහස් (0)

මීටියාගොඩ වෙඩි තැබීමක් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site