IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීගමුව කළබලයකින් 4ක් රෝහලට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයට අද 10 සවස කඩා වැදුනු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවිවලින් ප්‍රහාර එල්ල කර විවිධ වාහන පහළොවකට පමණ ගිනි තබා විනාශ කර ඇතැයි කටාන පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාලලත් පුද්ගලයන් සිව් දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රථ එකක් ත්‍රීරෝද රථ තුනක් යතුරු පැදි අටක් හා පාපැදී පහක් ගිනි තබා විනාශ කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ හෝටලයකට ඊයේ (9) ගිනි තබා විනාශ කර තිබූ අතර අද (10) දහවල්  එහි කඩාවැදුණු කිසියම් පිරිසක් එම හෝටලයේ තවත් කොටසකට ගිනි තබා ඇතැයි ද  ඒ අතර රැස් වූ පිරිස් හෝටලයේ  දේපල කොල්ල කෑමේ යෙදී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මේ අතර ප්‍රදේශවාසීන් දෙපක්ෂය අතර කිසියම් හේතුවක් මත ගැටුමක් ඇතිවී  ඇති බවත් ආගමික නායකයන් මැදිහත්ව එම පිරිස සන්සුන් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම කල්ලිය කඩාවදින අවස්ථාවේ මෙම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිස හා ආගමික නායකයින් ඔවුන් මැඩ පැවැත්වීමට උත්සාහ ගෙන ඇතත් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. 



අදහස් (0)

මීගමුව කළබලයකින් 4ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site