(ගයාන් සූරියආරච්චි)
වත්තල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ 68 හැවිරිදි හෝටල් සේවකයකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෝ තිදෙනෙක් පෙරේදා 2 වත්තල පොලීසිය සහ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර වෙහෙරහේන ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි හෝටල් සේවකයකු එසේ ඝාතනය කර තිබු බව පොලිසිය පවසයි.
දෙමටගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් වයස අවුරුදු 36 හා 44 වියේ පසුවන කොළඹ 9 පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මට්ටක්කුලිය රජමල්වත්ත ප්‍රදේශයේදී ඉකුත් 25 දින ඇතිවූ ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල කිරීමකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවටපොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අපරාධයෙන් පසුව මාලදිවයිනට පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිසිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක් සමග විදෙස් ගමන් බලපත්‍රය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනී මරා රට පනින්න බැරිවේ