(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදුවීම බලා සිටි පොලිසියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අදාළ සිදුවීමට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂය ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා කීය.
"ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
"මැයි රැලියට පැමිණි ජාතික ජන බලවේගයේ පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනක බැස අධිවේගී මාර්ගයේ මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු අප දුටුවා. එහි තවත් බරපතලම කාර්යය වන්නේ ඒ සිදුවීම පොලිසිය බලා සිටීමයි.ආණ්ඩුවේ රැලියට පැමිණි පිරිසක් නිසා පොලිසිය මුකුත් කරන්නේ නැතිද?ඒ අයට තිබෙන්නේ වෙන නීතියක්ද? කතා කරපු සිස්ටම් චේන්ජ් එක කෝ! යනුවෙන් මාධ්‍යවේදියා එහිදී ජනාධිපතිවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසූයේ
"මම මේ ප්‍රශ්නය මතුවී තිබෙන විදිය බැලුවා. මම මේක සාධාරණීකරණය කරනවා නෙමෙයි.මේ අය දුර ඉඳන් එන පිරිසක්.මේ පිරිස එන්න ඇත්තේ දකුණෙන් නේ.ඒ ගැන මම සොයා බැලුවා.මම මාතරට, හම්බන්තොටට, මොණරාගලට,බදුල්ලට සහ අම්පාරට කතා කළා.ඒ බස් වල සිටියේ කවුද? ඒවායේ සංවිධායක කවුද? කියා පවසන්නැයි මා දැනුම් දුන්නා.
ඒ සිදුවීම වුනේ අධි වේගයේ වාහන නවත්වන තැන.එහි යම් ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ.ඒ ඉඩ ප්‍රමාණවත් නැති වුණාම ඇතුලේ හිරවෙනවා.ඒ ක්‍රියාව වැරදියි.ඒ සිදුවීම බලා ඉඳලා පොලිසිය ඒකට ඉඩ දුන්නා නම් ඒකත් වැරදියි.ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන.එහෙම වැඩ කරන්න බෑ.
ඒ සිදුවීම බලා සිටි පොලිසියටත්, බස් එහි නතර කළ රියැදුරන්ටත්, අනෙක් පැත්තෙන් ඊට සයෝගය දුන්න කණ්ඩායම් සිටිනවා නම් ඔවුන්ටත් ක්‍රියාමාර්ග ගන්න ඕන.නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.ඊට සම්බන්ධ වූ මාලිමාවේ පක්ෂ ක්‍රියාකාරීන්ට පක්ෂ ඇතුළෙන් ක්‍රියාමාර්ග ගන්නවා.ඒ අයගේ ලැයිස්තුව මම ඉල්ලා තිබෙනවා.හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා.මොකද මෙය සිදු නොවිය යුතු දෙයක්.රටේ පොදු නීතියක් තිබෙනවා යනුවෙනි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර