(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පලතුරු වෙළෙඳ සලක් අසල දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය
ඇළබඩගේ සමන්ත ප්‍රදීප් කුමාර නමැති එම පුද්ගලයා වයස අවුරුදු 42 ක අයෙකි
ඔහුගේ පදිංචිය කොටහෙන සහ කෙසෙල් වත්ත ලිපිනය සඳහන් ව ඇත
මිය ගිය ව්‍යාපාරිකයා ඔහුගේ මෝටර් රථයට නැගීමට යාමේදී තවත් සුදු පාට වන මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
එම ස්ථානයේ ස්ථානයේ ටී 56 උණ්ඩ වැටී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.