
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.
මෙම ප්‍රධානියා පසුගිය 10 වැනිදා සිකුරාදා එම ඇමැති කාමරයට ගොස් ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමති කාමර අතීතයේ පටන් වෙන් කෙරෙන්නේ ඇමතිවරුන්ට පමණි.
කාලයකට පෙර නීතිපතිවරයකු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමැති කාමරයක් දෙන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවේදී මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ වෙනත් උසස් තනතුරක සිටියදී ප්‍රතික්ෂේප කර තිබූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එසේ ප්‍රතික්ෂේප කළ පුද්ගලයා පාර්ලිමේන්තු කමිටුවකට පත්වී පැමිණ ඇමති කාර්යාලයක් මෙසේ ලබා ගැනීම හාස්‍යජනක කාරණයක් බවද ප්‍රකාශ කරයි.
මෙම විශේෂ කමිටුව වෙනුවෙන් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක කාර්යාලයක් පවතින නමුත් සමහරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින ආහාර පාන ඇතුළු පහසුකම් හේතුවෙන් ඒ ස්ථානයට යෑමට අදිමදි කරන බව දැනගන්නට ඇත.
මේ හේතුව නිසා එම කාර්යාලය කාලයක සිට වසා දමා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ උසස් තනතුරක් දරා විශ්‍රාම යෑමෙන් පසු පසුගිය රජය වකවානුවේදී ඉහත කමිටුවේ ඉහළ නිලයකට මෙසේ පත් කෙරුණු අතර මෙම තනතුර වෙනුවෙන් ඔහුට මාසයකට රුපියල් ලක්ෂ හයකට වැඩි දීමනාවක් සහ පහසුකම් ලැබෙන බව දැනගන්නට ඇත.
COMMENTS
උනුත් එකයි, මුනුත් එකයි කිව්වට උන් මුන් දෙගොල්ලටම වඩා රට කාල තියෙන්නේ නිලධාරීන් කියලා මෙයින් පැහැදිලියිනේ.. දැන් බලනකොට ඇමැතිටත් ඉහළින්ම නිලධාරි ඉන්නවලු කැබිනට් එකට එම නිලධාරියා ඉවත්කරන්න ශක්තියක් නැද්දෝ..!
අප ජා.ජ.වේ.යට ඡන්දය දුන්නේ පෙර රජයන් කරපු වැරැදි සහ ජරාජීර්ණ වූ දේශපාලනය නැති රජයක් බලාපොරොත්තුවෙන්ය. එම වැරැදීම, පවතින රජයත් කරන්නේ නම් අපගේ බලාපොරොත්තු සුනුවිසුණු වී ඇති බව වගකිවයුත්තන් දැනගත යුතුයි.
පාර්ලිමේන්තුව බොහෝ කාලයක් බොහොම ස්වාධීනව තම මැදහත්භාවය පවත්වාගෙය යමින් කටයුතු කළ ආයතනයකි. බොහොම මෑතකදී විශ්‍රම ලත් නිලධාරියෙකු තම අඩු ලුහුඩුකම් වසා ගැනීමට සමස්ථ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග පලිගැනීමේ චේතනාන්විතව යම් යම් සැලසුම් ක්‍රියාත්මක කරයි. ඔහු සභාවට සම්බන්ධ අනධ්‍යන කාර්ය මණ්ඩලයක ප්‍රධාන තනතුරකට පත්ව තම පරණ කෝන්තර පිරිමහා ගැනීමේ උත්සහයක් ලෙස මෙවැනි දේ පල කිරීමට මාධ්‍ය වේදීන් පාවිච්චි කරයි.
දසන යකා....
ගියේ ආණ්ඩුවේ පත්කරපු කෙනෙක්ද. එහෙනම් NPP එක බලගනි.
කියන විස්තරයට අනුව නම් මෙයා ධම්මික කිතුල්ගොඩ වෙන්න ඕනෑ... දේශපාලන හිතවත්කම් මත හා තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගන්න විශ්‍රාම ගිය මහල්ලන්ට යම් යම් තනතුර දුන්නාම ඔවුන් ඒවා අයුතු ලෙස පරිහරණය කරනවා...