
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී පිවිසුම දෙසින් දියවන්නාවට මායිම්ව ඇති ආරක්ෂිත මායිම් තාප්පයේ (බැම්මේ) කොටසක් පුපුරා ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට දැනටමත් දැනුම්දී ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශයද මෙම තත්වය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ බෝධීන් වහන්සේ ආසන්නයේ තාප්ප කොටසක්ද මේ අාකාරයටම පුපුරා ගොස් තිබියදී මෙයට පෙර පිළිසකර කෙරිණ
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම කැඩී ගිය තාප්ප කොටස පිළිසකර කිරීමට ඉංජිනේරු අංශ මූලික කටයුතු කරමින් සිටින බවයි.
පිපිරුමෙන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කිසිදු බලපෑමක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
දියවන්නාවෙන් දීර්ඝකාලීනව ජලය කාන්දුවීමේ ප්‍රතිඵලයක් ලෙස මායිම් තාප්පය මෙසේ ඛාදනය වන්නට ඇතැයි නිලධාරීහු විශ්වාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම ඇසතු ගසේ මුල් ගොඩනැගිලි පදනම් සහ බිත්ති විනාශ කරනවා. වන්දනාමාන කරන්න ගොඩනැගිලි සහ පාරවල් ආසන්නව ගස් වවන එක තහනම වටිනවා.