(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සලයක් ලබාදීමේ හැකියාව ගැනද කතානායකවරයා කරුණූ සොයා බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කතානායකවරයා මේ කාරණය කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ රටේ ආර්ථික තත්වය සහ පාර්ලිමේන්තුවේ ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් සමාජයෙන් මතුවී ඇති විවිධ චෝදනා සැලකිල්ලට ගෙනය.
කතානායකවරයා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් කරුණු විමසා ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට පසු දින සිටම නතර කිරීමට පියවර ගත් කතානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවටද දැනුම් දුන්නේය.
සෙසු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී( පක්ෂ නායක රැස්වීම) තීරණයක් ගන්නා බව කතානායකවරයා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුව වැඩිම වියදමක් දරන්නේ මන්ත්‍රීවරුන්ගේ සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාරපාන සඳහා බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
ආහාරපාන සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 12 ක් බව එහි මූල්‍ය අංශය පවසයි.
එසේම පාර්ලිමේන්තුවේ පානීය ජලය සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල ලක්ෂ 90 ක් බව ගණන් බලා ඇත.
මීට අමතරව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි අටක්ද දුරකතන සඳහා රුපියල් කෝටි 1.4 ක්ද වැය කරන බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකතුමා, හොඳ තීරණයක්... මේවාට ජනතාවගේ බදුමුදල් වැය නොකොට ආහාර පාන සඳහා වැයවන මුලු මුදලම ඔවුන්ගෙන් සාමාන්‍ය ක්‍රමයට අයකළ යුතුයි. අධික වියදමක් දරා ආහාරපාන ඉතා අඩු මුදලකට ලබාදීම රටේ බදු ගෙවනු ලබන ජනතාවගේ කෝපයට ලක්වනු ඇත...!
මේවට හෙන වැදිලා මදි.. මිසයිල වලින් ගහලා දාන්න ඕනේ...
අනේ ඉතින් මේ අසරණයින්ට සහන දෙන්න ඕනේ.. නේන්නම්.. රටේ මිනිස්සු හොඳට කාලා, බීලා සැපට ඉන්නකොට.
බලාගෙන යද්දී අපි අපිටමයිනේ ගහගෙන තියෙන්නේ. බලාගෙන ගියාම පිනට කෑම මහජන සේවයේ කොටසක්ලු...
බොරු සෝබන... ඕක කරන්න ඔච්චර කතා කරකර ඉන්න දෙයක් තියෙනවද? එක දවසින් තීරණය අරගෙන ක්‍රියාත්මක කරන එකනේ තියෙන්නේ. මේකෙන් පේනවා නේද කොච්චර වැඩබැරි රොත්තක්ද ඉන්නේ කියලා...!
කෑමට විතරක් රුපියල් කෝටියක්... ඒ කියන්නේ ලක්ෂ 100ක්. අපේ අම්මෝ... අපි වගේ පොඩි මිනිස්සු 20,000කට මාසෙකට කන්න යන වියදම මේ අය 1000ක් විතර එකතුවෙලා කනවනේ...! හෙන ගහන්න එපැයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් කුඩා ශාලාවක රැස්වෙන්න. අපි යටත් විජිත මානසිකත්වයෙන් පිම්බී සිටින හැටි අවබෝධ වීමට බ්‍රිතාන්‍යය වැනි රටක ඇමැති මණ්ඩලය ආදර්ශයට ගන්න. බ්‍රිතාන්‍යය වරෙක අපේ පාලකයා වී ඔවුන්ගේ පවුල්වල එවක ජීවත් වූ පිම්බුනු මානසිකත්වය අපේ සමහර ඇමැතිලාට සහ එම පවුල්වල සාමාජිකයින්ට ඇති නමුත් බ්‍රිතාන්‍යය ධනවත් හා දියුණු රටක් වුවද එම රටේ ඇමැතිවරුන්ට අපේ රටේ මැති ඇමතිලාට ලැබෙන වරප්‍රසාද නැත. අප රට බංකොලොත් වූ සැටි මෙයින්ම සිතාගත හැකියි...
කන්නයි පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ...!
බත් පැකට් එකක් හොඳටම ප්‍රමාණවත්.. දවල්ට කන්න බත් ටිකක් නැතිව, බනිස් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් බොන දහස් ගණනක් ලංකාවේ ඉන්නවා.
දැන් පවුල් පිටින් ඇවිත් ජනතා මුදලින් සප්පායම් වෙච්චි එක නැවතී ඇත.. හැබැයි කොන්ෆ්ලෙක් පාර්සල් කරලා දෙන්න බැහැ. ඔලු කඳට සවි වෙච්චි අයගේ බෙලි දැන් පෙනෙන්න පටන් ගනීවි...
ඉතින් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ මන්ත්‍රීවරු ගණන අඩු කළා නම්? 225 ක් මොකටද පොඩි රටකට?
ඕක වහලා දාන්න.. සල්ලි අච්චු නොගහ ඉතුරු කරපු සල්ලි ගන්න.
කාලා ඇඟපත වඩා ගත්තු තරමට මොලේ වැඩිලා නැහැ. දන්නේ වැඩිපුර හොරකම්, වංචා, දූෂණ කරන්න විතරයි..
ඔය කාලකණ්ණි 225ට කිසිම කෑම වේලක් මීට පස්සේ නොදිය යුතුයි. අපේ ලස්සන රට කෑවා. මෙහෙම කළාට ඔය හැමෝම වගකියන්න ඕනෑ. හෙණම ගහන්න ඕනේ. අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දැන්වත් මකබෑවිලා යන්න.
පොඩි මුදලක්ද "කෝටි", අපි රුපියල් තිස්දාහක් ගන්න ගෙදරින් කෑම එක අරගෙන ගිහින් කන්නේ.., අපේ සල්ලි වලින් ලක්ෂ ගණන් පඩි අරං, අපේ සල්ලි වලින් කාලා, ලයිට් බිල්, තෙල් ඔක්කොම නිකං දීලත් මොනවද කරන්නේ? අපේ ලයිට් බිල් වැඩි කරන්න, තෙල් ටික වැඩි කරන්න.. මේ අය ඕනද? ඔය පාර්ලිමේන්තුවේ ඇමැතිලා, මන්ත්‍රීලා, අගමැති, ජනාධිපති මේ ඔක්කොම හැදිගෑවිලාම යන්න ඕනෑ... කාලි මෑණියනේ, ඒ අයව නැතිකරලාම දාන්න.
එක් සාමාජිකයෙකුට එක වේලකට ටැක්ස් සහිතවම ගෙවන්නට කටයුතු කළ යුතුය.
කනවා, කනවා.., ඉවරයක් නෑ. කෑම ගැනමයි කතාව. පාර්ලිමේන්තුවේ ඉන්නේ මහා බඩජහරි කාලකන්නි ටිකක්. පාර්ලිමේන්තුවට එනකොට ගෙදරින් කෑම පාර්සලයක් අරන් එන්න කියන්න.
හොඳට කාලා කාලා ඉන්නේ දැන්..!
ඉතාම හොඳ තීරණයක්...!
ගොඩක් හොඳ අදහසක්. වියදම් සීමා කරමු.
රටම නැතිභංග වූ පසුව මෙම බොරු කතානායක වැඩ බොරු වැඩක්... තවත් ඡන්ද ගුණ්ඩු වැඩක්..