IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

එසේම අප්‍රේල් 1 සිට 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ ඇතැයි එහි සඳහන් වේ. මෙරටට මෙම වසරේදී සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 136,535 කි. දෙවැනි ස්ථානයට මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙනි. මෙම වසර ආරම්භයේ සිට පසුගිය 15 වැනිදා තෙක් රුසියාවෙන් මෙරටට සංචාරකයන් 102,273 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. තෙවැනි ස්ථානයට සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 81,130 කි.

මෙම වසරේ පළමු මාස තුන තුළ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක් වන අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 9.4 ක වර්ධනයකි. පසුගිය වසරේ පළමු මාස තුන තුළ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.02 ක් ලෙස සටහන් විණ.

 



අදහස් (0)

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site