(නිමල කොඩිතුවක්කු)
වෙළඳ පොලේ මාලු මිලගණන් වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.
ඒ අනුව පෑලියගොඩ මාලු වෙලදපොලේ තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්, කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්, ලින්නා කිලෝව රුපියල් 600ක් ආදී ලෙස අළෙවි වේ.
සාමාන්‍ය වෙළඳ පොලේ මාලු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ අගයක් ගෙන ඇතැයිද ඔව්හු පවසති.
මේ අතර කුකුලු මස් කිලෝවක් තවදුරටත් ඉහළ අගයක පවතින අතර රුපියල් 1450ත් 1600ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.