
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(30)පැවැත්විණි.දිනෙන් දින රිය අනතුරු නිසා සිදු වන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යාම සලකා බලා රජයේ මෙම පියවර ගෙන ඇත.
අනතුරු වලක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ මාර්ග භාවිතයේදී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජීය හා ආචාධර්ම අංශ නියෝජනය කරන නිලධාරීහුද, ජාතික රෝහලේ අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා) වෛද්‍ය ඉන්දික ජාගොඩ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිව කුමාර් සහ මහාචාර්ය එච්.ආර්. පසිදු යන මහත්වරු සහ නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) සහ තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
Premasiri Thursday, 01 May 2025 06:17 AM
විශේෂයෙන් සිග්සැග් යන යතුරුපැදි, ත්‍රීවීලර් මාර්ග අනතුරු ඇතිවීමට ප්‍රධානම හේතුවක් බව පේනවා... ඒ වගේම රාත්‍රියේ ධාවනය කිරීමේදී වාහනයේ පිටුපස ආලෝකය නොමැතිව වගේම අංක තහඩුව නොපෙනීම අනතුරක් කර පලායාමට පහසුවක් වෙනවා. එනිසා එවැනි ලයිට් නැති වාහන ධාවනය තහනම් කළ යුතුයි. ඒත් තවමත් එවැනි දේ ඇල්ලීමට ක්‍රමයක් නැහැ. තවත් එක් කරුණක් වන්නේ වාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු අවපාත නොකරම ධාවනය කිරීමයි... මාර්ගවල අධික තදබදයක් ඇතිවීමට 40Kmph යායුතු ත්‍රී විලර් දකුණට සිග්නල් දමා පාර මැදින්ම යාමත් 40 ට වැඩි වේගයෙන් යාමට අවසර ඇති වාහනවලට ඉඩ නොදීමත් හේතුවක් වෙනවා. ඒ ගැනත් අවධානය යොමුකර සැලැස්ම සකසනවා නම් හොඳයි...
සෙනෙවිරත්න Thursday, 01 May 2025 07:12 AM
නියමයි, රජයක් කරන්නෙ මෙහෙමයි, වසර හැත්තෑ හයක් නොකළ වැඩක්, අද සමහර යතුරුපැදිකරුවන් වාහන එළවන අය අනුන්ගේ ජීවිත නොසලකනවා වගේම තමන්ගෙ පවුලෙ අයගෙත් ජීවිත ගැන තැකීමක් නැතිව යනව, අනතුරක් උනහම පාරෙ රජයෙ වියදමින් ප්‍රතිකාර කරනවා, අනතුර කරපු එකා ගෙවන්නෙ නැහැ රටේ ජනතාවගෙ බදු මුදලින් එකෙකුගේ වරදකට ජනතාවගේ බදු මුදල් අපතේ යවනවා. ඒක නිසා මේකට යම් තරවටුවක් කළොත් දෙපැත්තෙම අය සැලකිලිමත් වෙයි.
Don Thursday, 01 May 2025 09:08 AM
මාරාන්තික රිය අනතුරක් සිදු කොට මනුෂ්‍ය ඝාතනයක් කලේ නම් ඔහුගේ/ඇයගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කල යුතුයි.
Kamal Koyrala Thursday, 01 May 2025 12:43 PM
මාර්ග ආරක්ෂාවට සාකච්ඡා වැඩක් නෑ – පිළියම තමා අවශ්‍ය. නව මාර්ග නීති, රීති අත්‍යවශ්‍යයි. බලපත්‍රය අධිකරණයේ තිබියදී පොලිස් කොළ කෑල්ල බලපත්‍රය වන්නේ කෙසේදැයි සොයාබැලිය යුතුයි
කමනි Thursday, 01 May 2025 03:26 PM
රියැදුරු බලපත්‍රය ගන්න තැන ඉඳන්ම බොරුව, වංචාව, අවනීතිය. කතාවලින් විතරක් වැඩක් නැහැ. ස්වයං විනයක් ඇති වෙන්නේත් නැහැ. තද නීති ක්‍රියාත්මක වීම සහ දඩුවම් අවශ්‍යයි.