(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරය තුළ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංග ද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක් ද සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාරයේ වාට්ටු තුනක තිබී ඒවා හමු වී ඇත.ඊට අමතරව ජංගම දුරකතන බැටරි 18 ක් සිම්පත් 09 ක්ද සොයා ගෙන තිබේ.
මාතර බන්ධනාගාරයේ අධිකාරී මංගල වැලිවිටිය මහතාගේ දැනුම්දීම මත කොළඹ බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පැමිණ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙන බව දැනගන්නට ඇත.
කිසිවකුටත් නොදන්වා ක්ෂණිකව මෙම සෝදිසිය සිදු කිරීම නිසා එය සාර්ථක වු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd