
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ගේ වැඩක් වෙන්න ඇති...
හිටි ගමන් එහෙන් මෙහෙන් පුපුරන ද්‍රව්‍ය හම්බවෙනවා වගේ. අනාරක්ෂිතයි වත්ද? ලී ක්වාන්යූ ට එන්න කියමුද? අනේ මගෙ කට.
වඳ කොත්තු ,වඳ බ්‍රෙෂියර් ,වඳ ජංගි එහෙම තිබුනේ නැද්ද?තව හොඳට බලන්න
රට බේරාගැනීම මාතරින් අරඹමු...!!
ප්‍රභූ හොරු යැයි නිවැරදි විය යුතුයි