IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ වැස්සෙන් 52,400ක් පීඩාවට

 

 

                               

(ඩයනා උදයංගනී)

      

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

      

මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

      

අකුණු සැර වැදීම් සහ ගස්, පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක් ද වාර්තා වී ඇත.

      

මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 4075කට අයත් 12,132ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 137 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

      

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක, අයගම, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 3983කට අයත් 15,514 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



අදහස් (6)

මහ වැස්සෙන් 52,400ක් පීඩාවට

බද්රානි Tuesday, 22 May 2018 06:18 AM

රටේ ඉන්න මිනිස්සු ඕනාවට වඩා කුලප්පු වෙලා දඟලන්න ගියාම මෙවැනි ස්වභාවික විපත් පැමිණීම වලක්වන්න බැහැ. ලංකාව දැන් අමනුස්සයන්ගේ තෝතැන්නක්. ධර්මය රකින මිනිස්සු ධර්මය විසින් ආරක්ෂා කරයි. අර අමනුෂ්‍ය දොස්තරලා තවමත් වර්ජනය කරනවද?

:       3       133

Ramendra Tuesday, 22 May 2018 06:37 AM

පක්ෂ බදාගෙන ඉන්න අමුනුස්සයෝ නිසා තමයි මුලික හේතුව, අපේ වල කපන්නේ අපිම තමයි.

:       0       7

thusha Tuesday, 22 May 2018 07:05 AM

අහස පොලොව නුහුලන අපරාධ නේ නිති පතාම අපට අහන්නට ,දකින්නට තියෙන්නේ...පියවරු තමන්ගේම ලෙයින් උපන් දියණිවරුන් දුෂණය කරන ගෝත්‍රික රටක ස්වභාවධර්මයාත් කම්පා වීම පුදුමයකුත් නොවෙයි එක අතකට.

:       1       80

ප්‍රීති Tuesday, 22 May 2018 08:00 AM

ප්‍රශ්න නැතිව තියෙද්දී, අනුන්ගේ උප්පරවැට්ටි, හා කූඨ බලාපොරොත්තු, තමන්ගේ ප්‍රශ්න කරගත් මිනිස්සුන්ට දැන් තමන්ටම කියලා ප්‍රශ්නයක් තිබෙනවා විසඳගන්න.. මිනිස් රකුසන්ට අයත්ව තිබුණු,මහපාරවල් දැන් ජල රකුසන් අයත් කරගෙන. මොනවා උනත් කමක් නැහැ, අර ඔලුගෙඩිය වැහෙන්න දාගෙන ඉන්න පාට තොප්පිය නම් ගලවන්න එපා. දේශපාලන විකාර බුද්ධිය ජල පහරට සේදිලා යයි.

:       50       76

විකුම් රංගන Tuesday, 22 May 2018 08:13 AM

හදිසි ගංවතුර ආපදා තත්වය ලංකාවේ දොස්තරලට අඛණ්ඩ වැඩ වර්ජනයකට හේතුවක් වෙන්න බැරිද? වතුර හා ගංවතුර අතර වෙනෙස මෙන්ම, දොස්තර හා ලංකාවේ දොස්තරලා අතර වෙනසත් එක හා සමානයි.

:       148       63

nuwan Tuesday, 22 May 2018 09:09 AM

අවධිමත් සංවර්ධන සැලසුම්,ක්‍රියාකාරකම්, නීති විරෝධීව ගස් කපල ජනාවාස පිහිටුවීම, ප්‍රමාණය ඉක්මවා කදු කැපීම.ඕව ඔක්කොම එකතු උනහම මහා පොලවට වර්ෂාව උහුලන්න බැරි වෙනවා.ඊට පස්සේ ජනාවාස යට කරන් වතුර මුහුදට ගල යනවා.ඒ වගේම තම අව් රශ්මිය වැඩි කාලෙට කට්ටට වතුර හිදෙනවා මොකද ගස් නැහැ පොළොව ආරක්ෂා කරන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31528 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13870 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site