(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමකට කැඳවා දීර්ඝව කරුණු විමසීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 4 වැනිදා පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක රැස්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයෝ සහභාගී වෙති.
මේ ගැන කරුණු විමසීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. ඒ අනුව එම රැස්වීම පැවැත්වීමට කතානායකවරයාගේ අවසරය හිමිව ඇත.
මෙයට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවලට කැඳවීමටද තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගැනීම සඳහා ඔවුනට කිසිම නීතිමය බලයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකය ගැන හොඳටම දන්නෙ එයාල. ඒ නිසා අදට ගැලපෙන විදියටම පඩි වැඩි කරගත්තා . එහෙම නොවෙන්න එයාල රටහැර යනව. අනෙකුත් රජයෙ සේවකයන්ට ත් ඒක එහෙමම අදාලයි. දොස්තර , නර්ස්ල , ගුරුවරුන් , හොටෙල් සේවකයන් රට හැර ගියාට කමක් නැත්ද. එයාලගෙන් රටට වැඩක් නැත්ද .
කරුණු විමසලා විතරක් මදි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි . එයාලා මළ ගෙදර බූරු ගහනවා.
ඔවුනට ස්වාධින ලෙස කටයුතු කරන්න සියලු බලතල ලබා දීලා දැන් මොනවාද ගෙන්නලා අහන්නේ?මොලය පාවිච්චි කරලා නෙමෙයිද ඔය පනත් දඩිබිඩියේ සම්මත කරගත්තේ? කවදා හරි ඕකම තමයි වෙන්නේ දුර දිග හිතලා බලන්නේ නැතුව පළාත් සභා වලට බලය බෙදා දුන්නහමත්. දැන් ඉතින් මොනවා කරන්නද රටේ අනිත් මිනිස්සුන්ටත් ඔය ගානටම හරියන විදියට පඩි වැඩි කරන්න.
රටේ උද්ධමනය පාලනය කරන්නට කල අපි සේවයට සැලකීමක් ලෙස අපේ පඩි වැඩි කර ගත් තෙමු. මෙය සාධාරණ බව තේරුම් ගැනීමට අපි වගේ ආර්ථික විද්‍යාව පරතෙරට දැන ගත යුතුමය. සීඝ්‍රයෙන් වැඩි වූ මහා බැංකුවේ උන් ගේ උද්ධමනය මහා බැංකුවේ අපිට දරා ගන්න බැරිය.
මහ බැංකුවේ මාධ්‍ය නිවේදනයට අනුව නිවුඩ්ඩ අඩු කිරීමට හේතුවයි. සියලුම කාණ්ඩ සඳහා වැටුප් වැඩිවීම නිසා කාර්යාල සහකාර ඇතුළු සියලුම කාණ්ඩ සඳහා 2023 දී වමේ පුද්ගලයන් පිළිබඳ දත්ත අවශ්‍ය වේ. මේ වැඩිවීම සාධාරණීකරණය කරන්න කාටවත් බැහැ. මහ බැංකුවේ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම නැති වුණා.
එය ඉදිරි වසර 3 සඳහා ඔවුන්ගේ සාමූහික ගිවිසුමයි. ළඟදීම අනෙකුත් සියලුම රාජ්‍ය බැංකු ද එවැනි ගිවිසුම් අත්සන් කරනු ඇත.
අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහලා වැඩක් නැහැ කියලා කතාවක් තියනවනේ, ඒ වගේ තමයි මේකත් හැන්ද අතට දීලා බෙදා ගත්තේ ඇයි කියලා අහන්න හදනවා. මේවා මේ අමන පාලකයන්ගේ මෝඩ මුග්ධ වැඩ, මහ බැංකුව ස්වාධීන කරනවා කිව්වම එකේ අර්ථය මොකක් අරමුණ මොකක්ද කියලා නොදැන කවුරු හරි කියපු පලියට කරන අමන නරිමෝඩ වැඩ මේවා. මේකේ හොදම හරිය තියෙන්නේ විපක්ෂ නායකයා කියන ගොයියත් කිසිම කැතක් හිරිකිතයක් නැතුව ආණ්ඩුවේ මුග්ධ තක්කඩි වලට කර ගහනවා.
මහ බැංකුව නිසි පියවර නොගත්තා නම් සියලුදෙනාට පාන් ගෙඩියක් ගැනීමට යන්න වෙන්නේ වීල්බැරෝවක සල්ලි දමාගෙනයි. ලංකාව මේ මට්ටමින් හෝ පවතින්නේ අර්බුදය නිසි පරිදි කළමනාකරණය කිරීම නිසායි ඔබගේ ඡන්දය නිසි පරිදි පාවිච්චි කළා නම් මෙවැනි අර්බුදයක් ඇති නොවනු ඇත. අමන පාලකයින් පත්කර දියුණු රටවල් බලාපොරොත්තු නොවන්න. 2022 වසරේ මුලදී තිබූ තත්ත්වය කළමනාකරණය නොකළා නම් අත්වන තත්ත්වය හිතාගන්නවත් බැරිය...!
මහ බැංකුව සේවකයින්ට සියයට තිස් හයකින් සේවා අර්ථසාධක අරමුදලක් බැර කරනවා. අනිත් ආයතන (අධිකාරී සංස්ථා) වලට එය සියයට දොළහයි. උදාහරණයක් ලෙස ලක්‍ෂයක් පඩිගන්නා බැංකු සේවකයකුට අර්ථ සාධකය ලෙස රුපියල් තිස්හය දාහක් බැංකුව බැර කරනවා. එම ලක්ෂය පඩියම ගන්නා අනිත් ආයතනවල එය රුපියල් දොළොස්දාහයි. මේක මහ බැංකුවේ වංචාවක්. පසුගිය අවුරුද්දේ මහා බැංකුව තම අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සීයකට විසි අටක පොලියක් ගෙව්වා. නමුත් අනිත් ආයතනවලට ගෙව්වේ සීයට නමයක පොලියක්. මෙය තවත් වංචාවක්. මහ බැංකුව යනු හොරුන්ගෙන් පිරුණු හොර ගුහාවක්.
මහබැංකුව නොව ආර්ථිකයම විනාශ කිරීමට උදව් කල කබරාල් මාමා නිදැල්ලේ... සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු ආර්ථික ඔස්තාර්කම.... දැනට මහබැංකුවේ ඉන්න ලොක්කෝ ඒ කාලේ කට වහගෙන උන්නේ ඇයි... ඔවුනුත් රට බංකොළොත්බව යෑමේ විනාශයට වගකියන්න ඕන. පඩි කපන්න ඕන. සිරිපාල ලොක්ක ශ්‍රී ලංකන් සේවකයන්ට කියපු විදියට පඩි භාගය අරගෙන වැඩ කරන්න ඕන...