
(ඩයනා උදයංගනී සහ බිමල් ශ්‍යාවන් ජයසිංහ)
මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය.
වසන්ත දිසානායක මහතා මියයන විට 58 වැනි වියෙහි පසුවිය.
හෘදයාබාධයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු කෑගල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කළේය.
රූපවාහිනී වැඩසටහන් ආදියට සහභාගී වෙමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටි වසන්ත දිසානායක මහතා රූපවාහිනී නාලිකා මගින් සංවිධානය කරන විවිධ තරඟවලට සහභාගී වෙමින් තමන් හිමිකරගත් ත්‍යාග මුදල් ද මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කළේය.
ඔහු දරුවන් සිවු දෙනකුගේ පියෙකි.

COMMENTS
යහපත් මනුෂ්‍යයකු වශයෙන් ද, වෛද්‍යවරයකු වශයෙන් ද ඔබතුමා බොහෝ පින් කර ගත් කෙනෙක්. ... ඒ පින් සම්භාරයම ඇති ඔබතුමාට නිවන් සුව විඳින්නට..... ඔබතුමාට නිවන් සැප ලැබේවා ....!!!!
අපේ කාලයේ දැකපු නිහතමානීම මිනිසා.... ඔබට නිවන් සුව ලැබේවා !!!!
හරිම කනගාටුදායක ප්‍රවෘත්තියක්... ඔබතුමාගේ අවංක සේවයට සදා ණයගැති... ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සුව ලැබේබා මතු උපදින කිසිම භවයක මෙන් අකල් වියෝවක් නොමවේවා.
ඔබට නිවන් සුව ලැබේවා
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෙතුමා උතුම් ගතිගුණ ඇති කෙනෙක්. එතුමාගේ හදිසි වියෝව ගැන හරිම කණගාටුයි .ඔබතුමා යළි අප අතරම ඉපදේවා!, ඔබට අමා මහ නිවන්සුව අත්වේවා !
වචනයේ අර්ථයෙන්ම වෛද්‍යවරයෙක් වන ඔබතුමාට නිවන්සුව අත්වේවා...!!!
අසරණ වුණේ අපි. රත්තරන් මනුස්යෙක්. . හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඇයි.. අපිට හරිම දුකයි. ඔබතුමාට නිවන්සුව !
ඉතා යහපත් ගුණයහපත්කමින් පිරුණූ දක්ෂ වෛද්‍යවරයෙක්. ඔබට නිවන් සුව ලැබේබා....
පෙට් ස්කෑනර් හුටපටය ගැන කතා නොකර ඉමු.නිවන් සුව පතමි!
ඔබතුමාට නිවන් සැප ලැබේවා ....!!!!
ඔබතුමාට අමා මහ නිවන් සුවය අත්වේවා....
උතුම් පුරුෂයාණනි ඔබට නිවන් සුව....!
ඔබ තුමාට නිවන් සුව පතමි
ඉතා වටිනා උතුම් මහත්තයකුට මේ වගේ අඩු වයසින් ගන්නේ නැතිව අර දියවන්නාවේ ඉන්න නාකින්ගෙන් 50 ක් විතර එක පාර ගත්තා නම් අපේ රටට ලොකු යහපතක් වෙනවා....
මිතුරාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා.