
(රංජිත් කරුණාවීර)
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන වටිනා ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් කෞතුකාගාරයේ දොරක් කඩා සොරා ගෙන ගොස් ඇතැයි මහියංගනය පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැණිම්වලදී හමු වු බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇත.
තඹ ලෝහයෙන් සකස්කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බව උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පැවැසූහ.
කෞතුකාගාරය පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැඟ ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළුවී, එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇත.
මාස කිහිපයක සිය කෞතුකාගාරයේ සී සී ටිවි කැමරාද අක්‍රියව තිබු බවත්, කෞතුකාගාරයේ පිටුපස තිබු කැමරාවක රාත්‍රි 1.00ට පමණ පුද්ගලයන් දෙදෙනකු ස්කූටියකින් ගමන්කරන ආකාරය සටහන්ව ඇති බව උන්වහන්සේ පවසූහ.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහියංගන රාජමහා විහාරයට හොරු පනිති
බර්ත්ඩේපාටිසාදු Friday, 24 October 2025 04:09 PM
නඩුත්, බඩුත් කේස් එකක්. රෑ එකට ස්කූටියකින් පන්සල ලඟින් ගියොත් ඒ හොරු තමයි.
කන්ගැට්ටා Friday, 24 October 2025 06:56 PM
කටුගෙයි වටිනා පුරාවස්තු වලට වැඩක් දීපු එකාගේ වැඩක් ද කියන්න බැහැ.
chandima Saturday, 25 October 2025 04:03 AM
ප්‍රංශයේ කෞතුකාගාර කඩපු හොරුත් පැනලා ගිහින් තිබුණේ ස්කූටරයකින්. එකම කණ්ඩායමක් වගේ..?