
(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනිව දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදාදීමෙන් රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවී වසර 20ක සිර දඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් අද ඉදිරිපත් කළේය.
තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පැනවූ දඬුවම නීතියට පටහැනි මෙන්ම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලට ද පටහැනි බව පෙන්වා දුන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් වු සාක්කි මෙන්ම විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු මෙන්ම පරස්පරතා සහ ඌනතා ආදිය සැළකිල්ලට නොගෙන තමන් වරදකරු කරමින් දුන් තීන්දුව සහ දඬුවම ඉවත දමන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතීඥවරු කොළඹ මහාධිකරණයට බාර දුන්හ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්දානන්දගෙන් අභියාචනයක්
prasanna Monday, 09 June 2025 04:16 PM
කට්ටියම ඉන්නේ කුස්සියේ
සෙනෙවිරත්න Monday, 09 June 2025 05:16 PM
මගේ ප්‍රාර්ථනය මෙම ඇපීල් එක විසිවේවා කියලා, බාරගත්තත් වසර විස්සකට ඇතුළට දාපු කෙනාට ඇප පිට ගෙදර යනවා බොරු. අනෙක ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් වීම. ඇතුලේම ඉඳගෙන ඇපිල් එක විභාග වෙයි වෙන දවසක...!
අරුණිMonday, 09 June 2025 08:42 PM
මගේ පැතුම ක්‍රීඩා සමාජවලට දාම් ලෑලි දුන් ඔහුට නිදහස ලැබී, කන්ටේනර් 323 කින් සතුරා අතට අවිආයුධ ලබාදුන් වර්ථමාන වරාය ඇමැති සිරභාරයට පත්වේවා යන්නයි...
කුකුල් චමින්ද Monday, 09 June 2025 06:22 PM
මෙයාගේ ඇපීල් එක භාර අරගෙන ඇප පිට නිදහස්කරලා එළියට එන දවසට, මෙයාගේ අනිත් මුඛයත් මේ වගේම රෝස පාටින් බැබලෙන්න ඕන.
විපරමා Monday, 09 June 2025 06:51 PM
මහින්දානන්දයා කරලා තියෙන්නේ එසේ මෙසේ හොරකම් නෙවෙයි .සුපිරි ගේම්. හොරාකපු සියලුම දේපළ රාජසන්තක කළයුතුයි .ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාපු ලේ මාපිලෙක් .ඇපිල් එක ප්‍රතික්ෂේප කරලා ,වැසිකිළි හෝදන්ඩ දැම්මනම් තමා හොන්ද..
fairoosmr Monday, 09 June 2025 06:57 PM
එතකොට චීන පොහොර නැවේ පාඩුවට නඩු නෑද? ගෝටාභය ඉන්න ඕන මෙයත් එක්ක අතුළෙ.
mahindananda Tuesday, 10 June 2025 07:08 AM
මම අභියාචනේ ඉල්ලුවා රනිල්වත් ඉක්මණින් ඇතුළට එවන්න කියලා... මොකද මට මෙහෙ නින්ද යන්නේ නැහැ රනිල් එනකන්...