IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

(තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ.  මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය.

ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි. 

මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ති⁣බේ. කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් අතර පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.

නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියේ ය. ඊයේ (13) දිනය වන විට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ. 

මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ්  ඇමෙරිකා පුවත් සේවය පවසන්නේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවයි.



අදහස් (7)

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

ranjith Silva Tuesday, 14 March 2017 09:45 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසී යනු ඇත.

:       142       210

Wishwajith Tuesday, 14 March 2017 10:14 AM

කාලයක් නැතුව හිටිය දැන් ආයෙත් පටන් අරන් වගේ

:       0       2

දිලීප Tuesday, 14 March 2017 10:49 AM

ඇවන්ට් ගාඩ් නැති අඩුව !

:       8       92

nalaka Tuesday, 14 March 2017 11:10 PM

ඇවන්ගාර්ඩ් අයින් කරලා නාවික හමුදාවට දුන්න නේද ආරක්ෂාව. රැකියා නැතිවුණු අය රක්න ලංකා ඇවන්ගාර්ඩ් දෙකේම කීයක්ද? ඔවුන් ඉන්නකාලේ මුහුදු මංකොල්ල කාරයොන්ට අසුඋනේනැහැ.

:       8       88

anura Wednesday, 15 March 2017 01:18 AM

ඇවන්ගාඩ් සමාගමේ ක්‍රියාකාරීත්වය තිබුණා නම් අද ඔය සිද්ධිය වන්නේ නැහැ.

:       6       88

ධම්ම Wednesday, 15 March 2017 02:55 AM

ඔය හරියේ ආරක්ෂාවට සිටි ආරක්ෂක සේවය දැන් කෝ?

:       7       88

athura Wednesday, 15 March 2017 03:35 AM

සමහරක් හිතාගෙන ඉන්නේ නාවික හමුදාවට වඩා අවන්ගාර්ඩ් ලොකුයි කියලද.

:       90       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site