
(දයාරත්න ඇඹෝගම)
හතළිස් හැවිරිදි කාන්තාවක් අනුරාධපුර, මල් අතු ඔය මිහිඳු පුර පාලම උඩින් සිය දරුවන් දෙදෙනා සමග අද (02)දින උදැසන හය හමාරට පමණ මල්වතු ඔයට පැන ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මොස් පැන ඇත්තේ මොරටුව පදිංචි 40 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම කාන්තාව අවුරුදු 08 වන පුතා සහ වයස අවුරුදු 04 වන දියණිය සමඟ සියදිවි හානිකර ගැනිමට මල්අතු ඔයට පැන ඇති බව පොලිසිය පැවසිය. අවුරුදු 08 වන පුතා සහ වයස අවුරුදු 04 වන දියණිය මේඅතුරුදන්ව ඇත.
ඔවුන් සොයා පොලිස් කිමිදුම් අංශය ඇතුළු ආරක්ෂඛ නිරධාරින් මෙහෙයුම් දියත් කොට තිබේ. මෙතෙක් ඔවුන් සොයා ගෙන නොමැත.
මිහිඳුපුර ග්‍රාමයේ ආසන්නයේ ඇති මල්අතු ඔය කුඹුක් ගසක් අසල රැඳී සිටි මෙම කාන්තාව ගම්වාසීන් විසින් කඹ දමා ගොඩට ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම කාන්තාව මල්අතු ඔයට පැන ඇති ස්ථානය පරීක්ෂා කිරීමේදී පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම කාන්තාවගේ ජංගම දුරකථනය හමුවී තිබේ. රෝහල් ගතවී සිටින කාන්තාව ගෙන් ලබාගත් පියාගේ දුරකථනයට මෙම සිද්ධිය පොලිස් නිලධාරින් විසින් දන්වා තිබේ.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවක් මල්වතුඔයට පැනලා:දරු දෙදෙනා අතුරුදන්
Duminda Jayanath Udayakumara Tuesday, 02 December 2025 12:55 PM
මේ රටේ මිනිස්සු කොටසක් ඉන්නවා, තමන්ගේ ප්‍රශ්න දරාගන්න පුළුවන් සීමාව පැනපු. ඒ මිනිස්සු එක්කෝ නය උගුලක හිර වෙලා, එක්කෝ මත්ද්‍රව්‍ය නිසා පීඩාවට පත් වෙලා, කෙනෙක්ට කියගන්න බැහැ ලජ්ජාව නිසා. සමහර විට කෙනෙක්ට කිව්වත් කවුරුත් උදව් කරන්නෙ නෑ. මේක විනාශ කරපු රටක්.
Bunny Preena Tuesday, 02 December 2025 02:34 PM
වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලට පොඩි දරුවන් පළි නැහැ. එම ගැහැණියට උපරිම දඩුවම් ලබා දිය යුතුයි. දරුවන් දෙදෙනාගේ ජීවිත හානි කළාට. මැරෙන්න වුවමනාවක් තියෙන වැඩිහිටියන්ට මම කියන්නේ නුඹලා මැරෙන්න ඕනෑ නම් තනියම මැරියල්ලා. ළමයින්ව ඒවාට ගාවගන්නේ නැතිව...
Indika Tuesday, 02 December 2025 02:43 PM
ඇත්ත... ජෙප්පෝ මේ රට විනාශ කළා...
fairoos Tuesday, 02 December 2025 03:21 PM
ඉතාම කණගාටුයි.