IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැල්සිරිපුර වැවක් වනසයි

මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ  රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමතියි ගැමියෝ කියති.

විශාල වළවල් හැරීම නිසා ළිං ජලයද හිඳී ඇතැයිද ඔවුහු පවසති.

ගිවිසුමට පටහැනිව වැලි ගොඩ දමන බවට ලැබුණු තොරතුරු නිසා දෙසතියකට පමණ පෙර එය නතර කළ බව හිරියාල වාරිමාර්ග ඉංජිනේරු එස් එම් ජයමාන්න මහත්මිය කියයි.

ඇය එසේ කීවත් දිගමට වැලි ගොඩ දමන බව  එහි ගිය එසැණ දුටුවේය.

ට්‍රැක්ටර් දහයක් පහළොවකත් පමණද ටිපර් තිහ හතලියක්ද වැලි ඇදීමට යොදවා තිබිණි.

ගැමියන් පැවසුයේ මේ වැඩේ නිසා කන්න කිහිපයක්ම කුඹුරු වගා කිරීමට නොහැකි වු බවයි.

වැව විනාශ කිරීමට එරෙහි වන අයට මරණිය තර්ජන එල්ල වන බවත් ප්‍රබල දේශපාලනඥයකු මේ පිටුපස සිටින බවත් ගැමියෝ පවසති.

 


 



අදහස් (0)

මැල්සිරිපුර වැවක් වනසයි

අමිල Friday, 31 January 2014 08:55 AM

මේක කරන කෙනාගේ නම මොකක්ද? (ත)

:       0       0

කවීන්ග Thursday, 30 January 2014 11:22 AM

දෙස්පාලුවෙක් හැර සාමාන්‍ය මිනිස්සු මේවා කරන්නේ නැත. (අ)

:       0       0

සරත් පර්ත් Thursday, 30 January 2014 11:43 AM

මට පේනවිදියට මෙයටත් දේශපාලනය සම්බන්ධ වෙලා ඇති .රටට ගිය කලක්. ගම්වැසියන් අන්තිම අසරණවෙලා (දිල්)

:       0       0

කුමාරි Friday, 31 January 2014 09:46 AM

අනේ දෙයියනේ අපේ වැව. මේවා හොයලා සාධාරණයක් ඉෂ්ට කරන්න දැන්වත් (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 31 January 2014 10:40 AM

ඕකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ(දිල්)

:       0       0

විජේසිංහ Thursday, 30 January 2014 01:03 PM

පරිසරය වනසනවා කියන්නේ, ජාතියම වනසනවා වගේ වැඩක්, මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ? (අ)

:       0       0

සෙනරත් ආනන්ද Thursday, 30 January 2014 01:26 PM

මේවා දේශපාලන හෙංචියලගේ වැඩ, රටේ වෙන අපරාධ ගැන ඉහල තැන්වල ඉන්න රටට වගකිවයුතු මේවා දැක දැකත් නොදක්කවගේ ඉන්නේ ඇයි (දිල්)

:       0       0

චානක. Thursday, 30 January 2014 01:50 PM

රටේ අයහපත් දෙයක් සිදුවෙනවානම් එයට දේශපාලකයෙක් සම්බන්ධ වෙලා ඉන්නවාමයි (දිල්)

:       0       0

කුමාර Thursday, 30 January 2014 03:45 PM

කුරුණෑගල වාරිමාර්ග බලධාරින් දැනට අවුරුදු 8-9 ක කාලයක සිට වැලි ජාවාරම් කාරයන්ට යට වෙලා වැව සියල්ල විනාශ කලා .මේ පිළිබඳව අල්ලස් දෙපාර්තමේන්තුවෙන් සහ විගණකාධිපති දෙපාර්තමේතුවෙන් පරීක්ෂණ කලොත් සියළු අක්‍රමිකතාවයන් සොයා ගන්න පුලුවන් (දිල්)

:       0       0

සරත් පර්ත් Thursday, 30 January 2014 05:33 PM

කුමාරගේ හෙලිකිරීම හුඟක් වැදගත් බලධාරීන් සියළු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි (දිල්)

:       0       0

කල්ප Thursday, 30 January 2014 05:45 PM

මෙම දේශපාලකයෝ පත්කර ගත්තේ අපිමනේ ද දැන් කෑ ගහල වැඩක් නැහැ මින් පස්සෙවත් මේවා නවත්තන්න පුළුවන් අය පත්කරගන්න බලන්න (අ)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 06:36 PM

නවීන යන්ත්‍ර යොදා ගෙන මේ හාරන්නේ ජාතියේ මිනීවලයි. වැව් වලට අත ගහනවා කියන්නේ ජාතිය තැනූ බත් පතට හා දේශය රැකි සංස්කෘතියට කණ කොකා හඬලන්න සැලැස්වීමයි. (අ)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 06:38 PM

මේ පිටුපස ඉන්නේ "ප්‍රබල" දේශපාලකයෙකු කියා කිව්වත් ඔහු තරම් නිවටයෙක් නැති තරම්. (අ)

:       0       0

ගාමිණී - සිරි Thursday, 30 January 2014 06:50 PM

වැවක රොන් මඩ ඉවත්කර පිළිසකර කරනවානම් ගොවියාට යහපතකි. වැවේ වැලි තිබේ නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ මහා මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රයෝජනයට නොගන්නේ නම් ප්‍රයෝජනයට ගන්නා කෙනෙකු ගත්තාට මක්වේද. මේවා ප්‍රයෝජනයට නොගන්නා රජයේ දෙපාර්ත මේන්තු මහියංගනයේ සිට වැලි ගෙන්වා ගැනීම කණාගාටුවට කරුණක්ය.(අ)

:       0       0

චන්ද්‍රා Thursday, 30 January 2014 07:04 PM

ආශ්චර්යමත් දෙශපාලකයනට සහ නිලධාරීන්ට දෙවියන්ගේම පිහිටයි (අ)

:       0       0

සිරිල් ඩයස් Thursday, 30 January 2014 07:21 PM

මේවා ආණ්ඩුව කල්පනාවෙන් බලන්න ඕනි නැත්නම් වෙන දේවල් පස්සේ තේරේවි (අ)

:       0       0

අසෝකා Thursday, 30 January 2014 07:32 PM

තමන් විතරක් හැදුනොත් ඇති කියල හිතන මිනිසුන්ට තමන්ගේ දරුවන් අනාගතයේදී ජිවත් වෙන්නේ කොහොමද කියලවත් හිතන්න මොලයක් නැහැ. ලෝකයක් උසට සල්ලි ගොඩගහල ලෝකෙටම එපාකරපු දරුවෝ හදල උන්ට නස්තිකරන්න තමයි මේ උත්සහ ගන්නේ. (අ)

:       0       0

චින්තක Thursday, 30 January 2014 09:21 PM

මෙසේ වලවල් හැරීම සම්පුර්ණයෙන් තහනම්. උඩ ඇති මඩ තට්ටුව ඉවත් කර අඩි 2 ක් පමණ ගැඹුරට පමණක් වැලි ඉවත්කිරිමටයි අවසර දෙන්නේ. වැවේ වතුර පිරුන විට කවුරුන් හෝ වලේ ගිලි මැරෙන්න පවා පුළුවන්. (අ)

:       0       0

නිමල්ලලිත් Thursday, 30 January 2014 10:01 PM

රට කන දෙශපාලුවන්ට තව තවත් චන්දය දෙන්න.(අ)

:       0       0

විධුෂක Friday, 31 January 2014 05:24 AM

ආයුබෝවන්! අපේ මහ ඇමතිතුමනි. මොකක්ද මේ වෙනව කියන්නේ. පොඩ්ඩක් සොයල බැලුවානම් නේද හොඳ. මේක සමහරවිට ඔබතුමාගේ විෂය පථයට අදාළ නොවෙන්න පුළුවනි නමුත් ඔබතුමාට මේ ගැන නියෝජනයක් කරන්න පුළුවන් වෙයි.(ත)

:       0       0

පෙරේරා Friday, 31 January 2014 06:11 AM

මොළේ පාවිච්චි නොකර ඡන්දෙ දීලනේ ඔය දේ කර ගත්තේ. දැන් ඉතික් කන් කෙඳිරි ගාන්නේ නැතුව ඉඳලා ඊළඟ වතාවෙදිවත් මොළේ පාවිච්චි කර ඡන්දය දෙන්න. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site