IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මැලේසියානු බැඞ්මින්ටන් පුහුණුකරු යළිත් ශ්‍රී ලංකාවේ සේවයට කැඳවයි

වසර 2012 සිට විදෙස් බැඞ්මින්ටන් පුහුණුකරුවකුගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ඒ අනුව ජාතික බැඞ්මින්ටන් ධුරයේ කටයුතු කිරීම සඳහා මැලේසියානු ජාතික බැඞ්මින්ටන් පුහුණුකරු සංකර් අන්නමලේ මහතා ජනවාරී මස 1 වැනිදා වසර දෙකක සේවා කාලයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට ආගන්තුක පුහුණුකරුවකු නොවන සංකර් මහතා 2008 වසරේද ජාතික බැඞ්මින්ටන් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කර තිබේ. ඔහු වසර 15 කට වැඩි අන්තර්ජාතික අත්දැකීම් හෙබි පුහුණුකරුවෙකි. මෙම පුහුණුකරුගේ සේවය ලබා ගැනීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වන බවද වාර්තාවේ. මෙම වසරේදී අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමිවු ක‍්‍රීඩාව බැඞ්මින්ටන් කී‍්‍රඩාව බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය. ‘‘ගෙවී යන 2011 වසර බැඞ්මින්ටන් ක‍්‍රීඩාවට සුවිශේෂීයි. රන් පදක්කම් අටක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා දීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා යැයි’’ බස්නායක මහතා පවසයි. එහිදී ජාතික ශූර නිලූක කරුණාරත්න දිනා ගත් රන් පදක්කම් තුන සහ ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 80 අතරට ඒම කැපී පෙනෙන දස්කමක් ලෙසද අවධානයට යොමු විය. ජාතික ශූරි අචිනි රත්නසිරි මෙම මසදී බංග්ලාදේශ් අන්තර්ජාතික තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුවාය. උපුලි සමන්තිකා, චන්ද්‍රිකා ද සිල්වා සහ ග‍්‍රීසියේ පැවැති පැරා බැඞ්මින්ටන් තරගාවලියේදී හිරුණි හෙල්ලහේව යන කී‍්‍රඩිකාවෝ ද රන් පදක්කම් දිනා ගත්හ. ලබන වසරේද අන්තර්ජාතික තරගාවලි රැුසකට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිවීමට සුදානමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේදී සැටලයිට් අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු කරන බවත් බස්නායක මහතා පැවසීය.



අදහස් (0)

මැලේසියානු බැඞ්මින්ටන් පුහුණුකරු යළිත් ශ්‍රී ලංකාවේ සේවයට කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site