IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මාලදිවයින් - ලංකා ද්විපාර්ශවික ගිවිසුම් දෙකක්

(අංජුල මහික වීරරත්න)

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, දෙරටේ නායකයෝ නිල ඡායාරූපයකට පෙනී සිටියහ.

ඉන් අනතුරුව, ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. 

එම සාකච්ඡාවෙන් පසුව, දෙපාර්ශ්වය අතර ගිවිසුම් හුවමාරු කරගනු ලැබිණි. ඒ අනුව, අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුම මෙසේ හුවමාරු කර ගැනිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර, විවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා මෙම ගිවිසුම් ඉවහල් වනු ඇත. අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් නෛතිකව සහාය වීම මෙම පළමු ගිවිසුමෙහි අරමුණ වන අතර, දෙවැන්න, අදාළ ආයතන අතර රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කිරීම සහ ඊට අදාළ තොරතුරු සහ ලේඛන හුවමාරුව පිළිබඳ වූ අවබෝධතා ගිවිසුමකි. මාලදිවයින වෙනුවෙන් එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ගිවිසුම් හුවමාරු කර ගත්හ.

අනතුරුව, මෙම මාලදිවයින් රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත සිය ප්‍රකාශ සිදු කළහ.



අදහස් (0)

මාලදිවයින් - ලංකා ද්විපාර්ශවික ගිවිසුම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site