IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


”මාලිගාවට ඉහළ සුදු සොහොන ඉවත් කරනු”

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි. සිංහලයන් හා සටන් කළ බි‍්‍රතාන්‍ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය. සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත. ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පැහිටැවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි.



අදහස් (0)

”මාලිගාවට ඉහළ සුදු සොහොන ඉවත් කරනු”

සන්ජු Thursday, 22 December 2011 10:47 AM

අපේ ජාතික වීරයෙන් සොහොන් කොහේද??? සුද්දො මරලා රට බේරගත්ත රණශූරයෝ කොහේද? ඕවා ඉවත් කරන එකම තමයි හොද

:       0       0

කසුන් Thursday, 22 December 2011 11:06 AM

ඇත්තටම හොදයි. මේ අපේ රටේ අපිට ඕනෙ හරි දේ නිතරම කරන්නයි

:       0       0

බුද්ධික තඹුගල Thursday, 22 December 2011 11:27 AM

සොහොන් ඉවත් කරන්ඩ තරම් නපුරු වෙන්ඩ ඕනෙද?

:       0       0

සුරේන් Thursday, 22 December 2011 11:35 AM

සොහොන් අයින් කරලා වැඩක් නෑ. ඔය සල්ලි වලින් වෙන වැඩක් කරන්න.

:       0       0

ජයසේන Thursday, 22 December 2011 11:42 AM

සමහරු මෙය අනවශ්‍ය ක්‍රියාවක් හැටියට හදුන්වනවා. කිසිම හැගීමක් නැති අය. මෙය ඉතා හොද වැඩක්. මම සුභපතනවා

:       0       0

යෝධයා Thursday, 22 December 2011 11:47 AM

ලංකාදීපේ මගේ අදහස් පල කරන්නේ නැහැ

:       0       0

හොදපුතා Thursday, 22 December 2011 11:48 AM

උතුම් පූජනීය වස්තුවක් වන දන්ත ධාතුන් වහන්සේට උඩින් මේ සොහොන් තියන්නේ අයි? ඉක්මනින් ඉවත් කරන්න. මේ භුමිය ප්‍රොයෝජනවත් වැඩකට ගන්න

:       0       0

නාලක Monday, 02 January 2012 07:30 PM

නිදහස ලැබිල අවුරුදු 60 කට පස්සේ හරි මේ වගේ දෙයක් කරන්න ඉල්ලුව එක ගැන ගොඩක් සතුටට කරුණක්. නමුත් ඒකටත් ගොඩක් අය විරුද්ධව මත ප්‍රකාශ කරලා තියනවා... බෞද්ධයෝ විදිහට මේවා ඉවසන එක අපේ නිවට කමක් විදිහට යම් පිරිසක් දකින්න පුළුවන්. අපි අපේ පරම පුජනීය ස්ථානයක් පිලිබදවත් හැගීමක් නැති අය කියල දැන ගැනීම මූලධර්මවාදීන්ට, මිෂනාරීන්ට ගොඩක් මිහිරි ශුභ ආරංචියක් වේවි. මේකවත් කරන්න හයියක් නැත්නම් මේ රට ඇත්තටම නිදහස්ද ?

:       0       0

දමිත් Thursday, 22 December 2011 12:23 PM

බෞද්ධ සාහිත්‍යයේ එනවා එක මනුෂයෙක් නිදාගන්නේ නැතිව උඩ පැන පැන හිටිය කියල මොකද නිදාගත්දි කකුල හැරෙන පැත්තට මොක්ක හරි පූජනීය දෙයක් පෙනෙනවා කියලා.. සුද්දට ගැතිකමකට නෙවේ මේක ලියන්නේ.. මනසින් දකින්න කියලා. ඇත්තටම තවත් පැත්කින් බැලුවොත් සොහොන් වලට මේ වගේ බිම් කඩක් වෙන් කරන එක අපරාදේ. මුල්ලේරියා සටන සිහිවෙද්දි ඊට කලින් අපිට මතක් වෙන්නේ මානසික රෝහල. අපිට පැහැදිලි නිරවුල් මනසක් වගේම බුද්ධියකුත් තිබිය යුතුයි.

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 22 December 2011 12:51 PM

මේවා තමයි දේශපාලකයින් ලකුණු දාගන්න හදන අණුවන වැඩ මේ මිය ගිය අය කවුරු උනත් ඒවා අපේ ඉතිහාසයට ඇරුණු දේවල් මේ සොහොන් කඩනවානම් මේ අය විසින් මාලිගාව වැහෙන්න ඉදිකළ ක්‍රිස්තියානි පල්ලිද ඉවත් කළ යුතුයි දේශපාලක උතුමනි ඔබ තුමන්ලාට ලකුණු හදා ගන්න උපක්‍රම අවශයනම් හරි හමන් උපදේශකයකුගෙන් උපදෙස් ගන්න එහෙම නැතිව බොරු වැඩ කරන්න එපා

:       0       0

ප්‍රසන්න Thursday, 22 December 2011 01:10 PM

මෙහෙම ගියොත් මාලිගාවට උසින් උසින් තියෙන හැමදේම ඉවත් කරන්න වෙයි. බුදුදහම මනසින් දකින්න.

:       0       0

අතපත්තු Thursday, 22 December 2011 01:33 PM

ඕවට යන වියදම් ඉතිරි කරලා දුප්පතුන්ට උදව්වක් කරන්න.

:       0       0

රංජිත් Thursday, 22 December 2011 01:33 PM

බුදු දහම අදහන අපි ඔය වගේ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

:       0       0

රොෂාන් Thursday, 22 December 2011 01:37 PM

ඕක කරලා රටේ නම කැත කරන්න නම් එපා. අනික කවුරු වුණත් මැරුණු මිනිස්සුනේ. පව් වැඩ.

:       0       0

වික්‍රම Thursday, 22 December 2011 01:40 PM

නුවර අයින් කරන්න ගොඩක් ඒවා තියනවා. ඕක අයින් කරලා වැඩක් නෑ.

:       0       0

ක්‍රිස්ටියන් Thursday, 22 December 2011 02:08 PM

මාලිගාව වැහැන්න තියන අනිත් ඒවත් අයින් කරන්න ඕන.

:       0       0

sltk2004 Thursday, 22 December 2011 02:21 PM

දළදාමාලිගාව ඉහළම තැනකට ගෙනිච්චනම් හොද නැද්ද?

:       0       0

ශෙහාන් Thursday, 22 December 2011 02:21 PM

මේ වගේ වැඩ නොකර හොද වැඩක් කළානම් නරකද? ඔහොම ගියොත් සුද්ද හදපු පාලම් එහෙමත් ගලවන්න කියයි. බොරු වැඩ

:       0       0

ජනානන්ද ගමගේ Thursday, 22 December 2011 02:27 PM

මේක නම් වැරදිම තීරණයක්

:       0       0

ජයී Thursday, 22 December 2011 03:05 PM

මේසේ අනවශ්‍ය ආගම් ප්‍රශ්න ඇතිකරන්න සැරසෙන්නේ ප්‍රශ්න මදිවාටද? ශ්‍රී පාද මලුව ඉහලින්ම තිබෙනවා පෙනෙන්නේ නැතිවාද? මෙවැනි අගතිගාමී,අදූරදර්ශී,කුපිත ක්‍රියා ඇතිකරන අය අන්තිමට නතර වන්නේ ශ්‍රී දලදා මාළිගාව පිදුරුතලාගල කඳුමුදුනට ‍හෝ හිමාල කඳුමුදුනට ගෙනයාමෙන් පමනකි.

:       0       0

රොසාන් Thursday, 22 December 2011 03:08 PM

මේවා කාලය විනාශ කරන වැඩක්. මේක අමතක කරලා රටට පලක් වෙන වැජක් කරන්න.

:       0       0

ඉෂාන්ත Thursday, 22 December 2011 03:52 PM

මේ වැඩේ තේරුමක් නැති වැඩක්

:       0       0

අනිල් Thursday, 22 December 2011 04:18 PM

අනූෂා හිමාලි දමිත් සහ ජෛයිස් සමග මම එකගයි

:       0       0

Rienzie Thursday, 22 December 2011 04:26 PM

මෙහි ඓතිහාසික වැදගත්කම හා සංචාරක ව්‍යාපාරය ගැන හිතන්න

:       0       0

kk Thursday, 22 December 2011 04:31 PM

බොරු පුශ්න ඇති කරන්න එපා.

:       0       0

සනත් Thursday, 22 December 2011 04:39 PM

අපි අතින් සුද්දොත් මැරිලා කියන්න තියෙන හොදම ෂාක්ෂිය හිනමානය නැතිව එය තියෙන්න අරින්න. තවද මාලිගාව ඉදිරිපිට පාරත් කරුණාකරලා අරින්න.මිනිසුන් කොපමණ දුක් විදිනවද ඔය පාර වසා තැබිම නිසා. මොකද පාර වසා තැබුවත් කොටින්ගෙන් මාළිගාව බේරගන්න බැරිවුනානේ. දැන් යුද්දෙ ඉවරයි පාර අරින්න.සොහොන තියෙන්න අරින්න.බුදුන් වහන්සේට නිගා නෙකරන්න

:       0       0

දිනූශ Friday, 23 December 2011 04:47 PM

දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බව සත්‍යයි. හොඳ තීරණයක්. වහා ක්‍රියාත්මක කල යුතුයි.

:       0       0

HUD Wednesday, 21 December 2011 10:20 PM

වෙන කරන්න දේවල් නැතිවද? ඊළඟට හන්තානේ ගෙවල්, හෝටල් එහෙමත් ඉවත් කරන්න කියාවි.

:       0       0

බණ්ඩාර Wednesday, 21 December 2011 10:22 PM

නිවැරැදි තීරණයක් ඔබට සුබපතමි

:       0       0

සමන්ත කොඩිකාර Wednesday, 21 December 2011 10:36 PM

අනවශ්‍ය වැඩක්

:       0       0

ප්‍රේම් වනිගසූරිය Thursday, 22 December 2011 06:28 AM

මේවගේ වැඩ කරල ජනතාවගේ හිත දිනාගන්න බැහැ.

:       0       0

කසුන් Thursday, 22 December 2011 06:43 AM

අනවශ්‍ය වැඩක්.. වෙන කරන්න දේවල් නැතිවද?

:       0       0

සිංහයා Thursday, 22 December 2011 07:28 AM

ඔව් ඒක නම් වැඩක් නැති වැඩක්.

:       0       0

සුගත් ආරියරත්න Thursday, 22 December 2011 07:33 AM

ඕක කරන්න එපා. වෙන වැඩ නැද්ද?

:       0       0

හෙල විකුම් Thursday, 22 December 2011 07:37 AM

හොද වැඩක්

:       0       0

ගීතමාලි Thursday, 22 December 2011 07:44 AM

බුද්ධිමත් තීරණයක්. සුද්ධගෙ සොහොන්වලට අපේ රටේ ඉඩම් වෙන් කරන්න ඕනෙ නෑ. ඒ ඉඩම රටේ වෙනත් හොද දෙයකට යොදවන්න.

:       0       0

R.STANISLAWS Thursday, 22 December 2011 07:57 AM

මැරුණ මිනිසුන්ගේ සොහනේ ආයෙ කොහොමද හදන්නේ? බොරු වැඩක්

:       0       0

සුදත් Thursday, 22 December 2011 08:03 AM

එක අතකට මේක නරක දෙයක්ම නෙවෙයි. ඒත නුවර තව ගොඩක් ඒවා තියනවා හොයලා බලන්න.

:       0       0

අංජන Thursday, 22 December 2011 08:05 AM

කවුද කියන්නේ මේක අනවශ්‍ය වැඩක් කියලා. බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියලා කියන දළදා මාලිගාව ආසන්නයේ මේවා තියන්න හොද නෑ.

:       0       0

සමන් Thursday, 22 December 2011 08:09 AM

දැන්ද මේවා මතක් වෙන්නේ?

:       0       0

ආර් කේ Thursday, 22 December 2011 08:46 AM

ඕවා වේන්න ඕන දේවල්

:       0       0

රොහාන් Thursday, 22 December 2011 08:52 AM

දැන්ද මේව කරන්න මතක් වෙලා තියෙන්නේ?

:       0       0

අසෝක Thursday, 22 December 2011 08:59 AM

වෙන කරන්න වැඩ නැද්ද?

:       0       0

ප්‍රභාත් Thursday, 22 December 2011 09:00 AM

දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බව සත්‍යයි. හොඳ තීරණයක්. වහා ක්‍රියාත්මක කල යුතුයි.

:       0       0

රන්ග Thursday, 22 December 2011 09:00 AM

අයින් කරන්න ප්‍රථමයෙන් හිතන්න මාලිගාව අවට තිබෙන තැබෑරුම් සහ අති සුඛෝපභෝගී හෝටල් ගැනත්

:       0       0

නිවන්ත Thursday, 22 December 2011 09:11 AM

මේ තීරණයට විරුද්ධ වෙන්නේ සුද්දන්ගෙන්ම හැදිච්ච අය තමයි

:       0       0

සමන් Thursday, 22 December 2011 09:22 AM

අනවශ්‍ය වැඩක් වෙන්නෙ කොහොමද? ඇයි සුද්දට තාම බයද?

:       0       0

කමල් Thursday, 22 December 2011 09:22 AM

දෑන්වත් අධිරාජ්‍යයවාදි අදහස් නොදානවානම් හොදා.නියම ක්‍රියාවක්

:       0       0

සෙහාන් Thursday, 22 December 2011 09:26 AM

හොද වැඩක්

:       0       0

ප්‍රියන්ත Thursday, 22 December 2011 09:33 AM

අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර රටට හොද ප්‍රයෝජනවත් වැඩක් කරමු

:       0       0

රත්නවීර Thursday, 22 December 2011 09:37 AM

ආණ්ඩුකාර නිල බංගලාවත් මාලිගාවට උඩින් තියෙන්නේ. මම හිතන්නේ ඒකත් අයින් කරන්න වෙයිද?

:       0       0

පූජිත Thursday, 22 December 2011 09:46 AM

හොදම හොද වැඩක්. පරක්කුවෙලා හරි මේවා කරන්න ඕන. නැත්නම් එදා මුද්දත් එක්ක සටන් කරපු අය අපට සාප කරාවි.

:       0       0

ප්‍රශා Thursday, 22 December 2011 09:51 AM

නුවර දියුණු කරන්න පුළුවන් වැඩක් කරන්න. වෙන කරන්නම දෙයක් නැතිනම් මේක කළාට කමක් නෑ.

:       0       0

ලක්ෂාන් Thursday, 22 December 2011 09:55 AM

එවැනි දේවල වටිනාකමක් තියන බව කියල දෙන්න වෙයි.

:       0       0

manju Thursday, 22 December 2011 09:59 AM

අනවශ්‍ය වැඩක් වෙන්නෙ කොහොමද? ඇයි සුද්දට තාම බයද?

:       0       0

අනුෂ Thursday, 22 December 2011 10:09 AM

මේ සියල්ල අතීතයට අයිති කාරණා වන අතර කිසිවෙකුට මෙම සිදුවීම් ඉතිහාසයෙන් මකා ඉවත් කළ නොහැකිය. මෙය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කීරීමට කදිම ස්ථානයකි. බ්‍රිතාන්‍යයෙන් අපිට බොහෝ දේ ලැබී ඇති බව ද සැබෑවකි. අදත් අපි විශාල විදේශ විනිමයක් ලබන තේ වගාව අප රටට හදුන්වා දුන් පුද්ගලයාගේ සොහොන අප රටේ පිහිටීම අපිට ආඩම්බරයක් මිස අවමානයක් නොවේ. නියම සිංහලයන් අන් අයට ගෞරව, පුද සත්කාර කළා මින මාන්‍යයෙන් ඔලුව උදුමවා වැඩ නොකරති. ලොව කොතෙකුත් රටවල මීට සමාන්ත බොහො දෑ නිවැරදි කළ නොහැකි අයුරින් පිහිටා ඇති බවද අප මතක තබා ගත යුතුය. රාජ්‍යක් සමත සමගිව සිටීමට මික විරකස කම් ඇති කර ගනු කුමට....

:       0       0

මනොද් Thursday, 22 December 2011 10:11 AM

mole hodanatida? mewage thirana ganna? ඇයි මේවගේ තීරණ ගන්නේ

:       0       0

කුමාර Thursday, 22 December 2011 10:25 AM

ඉතාම හොද වැඩක්. පරක්කු වෙලා හරි ගත්තු නිවැරදි තීරණයක්.

:       0       0

ධම්මිකා වනිගසේකර Thursday, 22 December 2011 10:25 AM

වෙන දේවල් මතක් නොවී මේකම මතක් වුණේ ඇයි දන්නේ නැහැ.

:       0       0

චාමර Thursday, 22 December 2011 10:33 AM

වැරදි තැනක තිබුනත් මේක ඉතිහාසයෙ කොටසක්. ඒක වෙනස්කරන්න එපා. මේකෙන් මාලිගාවට වෙන හානියක් නෑ. ඊට වඩා මාලිගාවට හානි වෙන වැඩ වෙනවා. අන්න ඒව ගැන පියවරක් ගන්න මේවට කලින් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 31 0

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 40 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 239 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී
2025 මැයි මස 10 154 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු


වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1510 2

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1200 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 607 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site