IMG-LOGO

මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය

(විමුක්ති එස් රුද්‍රිගු)

කොවිඩ් වසංගතය ආරම්භ වන විටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමට ආරම්භ වී තිබුණා.  ලෝකයේ අනෙක් රටවල් වලට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ බලපෑම එල්ල වූ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසයි.

දැනටමත් පාලනයෙන් තොර වී තිබෙන මුදල් අච්චු ගැසීම පාලනය කරගැනීමට පනවා ඇති ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. 

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 2019 වසරේ පූර්ව කොවිඩ් සමයේදී සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑමත් එවකට පත් වූ නව රජය බදු නොසැලකිලිමත් ලෙස කපා හැරීම හේතුවෙන් රජයේ වියදම් සඳහා අවශ්‍ය මුදල් අච්චු ගැසීමට සිදුවීමත් කෘෂි කර්මාන්තය සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට තීරණය කිරීමත් වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ සිට සී.එන්.එන් පිලිපීන්ස් පුවත් සේවයේ ෆයිනල් වර්ඩ් විශේෂාංගයට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ බව පැවැසීය.

 



අදහස් (5)

මෙරට තත්ත්වය ගැන අර්ජුන මහේන්ද්‍රන්ගේ මතය

Bamunuarachchi Wednesday, 13 July 2022 02:19 PM

පිලිපීනයේ මහා බැංකු අධිපතිකම ඉල්ලනවා ඇති.

:       1       11

fairoosWednesday, 13 July 2022 05:32 PM

කෝ අපේ රට රකින විරුවා.

:       2       0

BamunuarachchiWednesday, 13 July 2022 10:45 PM

මොකද ගෙදර උන්දෑ ගෙදර එක්ක එන්න කිව්වාද?

:       0       0

kamal Wednesday, 13 July 2022 03:06 PM

රටේ නීතියක් තිබුණානම් කයිය ගහන්න වෙන්න තිබුණේ වැලිකඩ ඉඳලා...

:       0       0

විපරමා Wednesday, 13 July 2022 04:54 PM

රනිල් ආවා විතරයි මහ බැංකු බැන්දුම්කර හොරා කළඑළි බැහැලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 70 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site