IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මියගිය දේශපාලනඥයන්ගේ නෝනලාටත් විශේෂ රැකවල්

(සුජිත් හේවාජුලිගේ )

හිටපු (පැරදුණු ) මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ  මියගිය  දේශපාලඥයන්ගේ ඇතැම්  බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අයට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට  වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව දැනගන්නට ඇත.

ඇමැති ආරක්ෂක අංශයේ  මෙපමණ   නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැතිඇමැතිවරුන්,  දේශපාලනඥන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට  ලබා දීමට සිදුවීම නිසා නිලධාරි හිඟයක් ඇතිවීමෙන්  එම අංශයේ රාජකාරි කටයුතුවලට විශාල ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේදී  මේ ගැටලුව තදින්ම දැනෙන  බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනකුද අභාවප්‍රාප්ත හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද පසුගිය කාලයේදී  ඝාතනයට ලක්වූ  ඇමැතිවරයකුගේ බිරිඳට  ආරක්ෂකයන් දෙදෙනකුද  යොදවා ඇතැයි   පවසන එම ආරංචි මාර්ග  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  බැංකු ගිණුමකින් රුපියල් කෝටි ගණනක්  හොරෙන් ලබාගත් බවට  චෝදනා ලැබූ නිලධාරියාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටින  බව සඳහන් කරයි.

නායක ස්වාමීන්වහන්සේලා පිරිසකට ලබාදී ඇති   ප්‍රභූ ආරක්ෂකයන් ගණන   38 කි.

රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක  ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති  පිරිස්වලට මෙලෙස  ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයන් රැසක්  රජයට සහ මුදල් ඇමැතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි  දැනගන්නට ඇත.



අදහස් (16)

මියගිය දේශපාලනඥයන්ගේ නෝනලාටත් විශේෂ රැකවල්

Nishantha Saturday, 05 February 2022 09:41 AM

"මියගිය දේශපාලඥයින්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට..." !

:       0       31

Perera Saturday, 05 February 2022 10:29 AM

අර රාජකීය හොර දොස්තරයගේ දූලා පුතාලාත් MSD රැකවරණය දීලා තියෙන්නේ...

:       1       39

ajithSaturday, 05 February 2022 07:42 PM

මහජන මුදලින් යැපෙන ඔවුන්ගේ නම් හෙළිකරන්න. ජනතාවගේ මුදල් නාස්ති කිරීම් පිළිබඳව දැනගැනීමට ඔවුන්ට අයිතියක් තිබේ..

:       0       27

ravin Saturday, 05 February 2022 10:39 AM

පිස්සුනේ, මහජනයාට සේවය කරන්න කියලා ඡන්දෙ හිඟාකාලා පත්වුණායින් පස්සේ ආරක්ෂාවක් මොකටද? තමන් ආරක්ෂිත වෙන්නේ ශිෂ්ඨ සමාජ විරෝධී වැඩ කරන හින්දා නේද? ඕනෑම කෙනෙකු ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් පුද්ගලික වියදමින් තම ආරක්ෂාව සලසා ගත්තාට කම් නැත...

:       0       41

යෝගා Saturday, 05 February 2022 10:52 AM

වහාම අනවශ්‍ය ආරක්ෂාව ඉවත් කරන්න. ඇරත් කවුද ඔය අපතයින්ව මරන්න එන්නේ..?

:       1       49

Bunny Preena Saturday, 05 February 2022 11:10 AM

ඇත්තටම මේක මහාම මහා අපරාධයක්... කිසිම ජීවිත තර්ජනයක් ඔය සඳහන් කළ කාටවත් ඇතැයි මා සිතන්නේ නැහැ. තනි කළාම ඒගොල්ලන්ගේ පුහු මාන්නය පවත්වා ගැනීමටයි එහෙම කරන්නේ. සරල බව සහ නිහතමානීකම කොච්චර උතුම් දෙයක්ද?

:       0       46

Nihal Saturday, 05 February 2022 01:35 PM

ගෝත්‍රික මමනේ...!

:       0       19

naleen Saturday, 05 February 2022 01:44 PM

මේ මොන පිස්සු රටක්ද මේ? මේ වගේ මහජන මුදල් කාබාසිනියා කරන රටක් මේ තුන් ලෝකයේවත් නැතුව ඇති...! 

:       0       27

ගජමිතුරු Saturday, 05 February 2022 02:25 PM

ටිල් වින් ලේකම්තුමා ඔහොම කතාවක් කියලා තිබුණා.. අපි එම අදහස අනුමත කළොත් ඔය ගැටලුව විසඳාගන්න පුළුවන්...!

:       3       18

මො Saturday, 05 February 2022 04:32 PM

ආසා හිතෙන කතාව.. අර, මයිනාගේ ගිණුමෙන් සල්ලි කෝටි ගාණක් ඇද්ද මෝඩ යකාටත් ආරක්ෂකයින් දෙන්නෙක් දීලා.

:       2       23

gunarathnaSaturday, 05 February 2022 09:02 PM

යම් කෙනෙක්, යම් පුද්ගලයෙකුට අපහාස කරන්නේද? ඔහු කවදා හෝ අපහාසයකට ලක්වන්නේය. මම නෙමෙයි කිව්වේ... මහත්මා ගාන්ධි...!

:       2       0

ගමේ එකාලා Saturday, 05 February 2022 07:21 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා..?

:       0       15

Jagath Sunday, 06 February 2022 09:20 AM

නන්දසේන බලයට පත්වුණු දා පටන් කළේම අනවශ්‍ය, රටට අහිතකර, රටේ මුදල් නාස්ති කරන විකාර දේවල්මයි. නොකළ යුතු දේවල් කරන්න මිනිහා හරිම සූරයා...

:       0       5

Sambo Sunday, 06 February 2022 12:26 PM

ඒක තමයි මේ හිතලා තියෙන්නේ.. මේ දේශපාලුවෝ නම් රටට හෙණයක්...!

:       0       4

මහින්ද Sunday, 06 February 2022 07:52 PM

රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල කොමිෂන් සභා වැනි ව්‍යවස්ථාපිත ආයතනවල සිවිල් තනතුරු දරන මිනිසුන්ට ආභරණයක් හා පුද්ගලික වැඩ කරගැනීමට උපකරණ ලෙස වහල් සේවයේ යොදවන පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද යන්න සොයා බැලීම සැමගේ වගකීමකි...

:       0       4

nihal Sunday, 06 February 2022 08:42 PM

මෝ වෙත... ආරක්ෂක භටයින් දෙන්නෙක් දුන්නේ නිකන් නොවේ..,

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site