අජන්ත කුමාර අගලකඩ
යුද සමයේ ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද වන්දි ගෙවීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමති ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
යුද්ධයේදී මිය ගිය සිවිල් වැසියන්ට , හානි වු ආගමික ස්ථානවලට හා ගැටුමින් මිය ගිය එල්.ටී.ටී.ඊ සටන් කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට අවසර ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
ස්වාමිනාදන් ඇමතිවරයා මීට මාස කිහිපයකට ඉහතදී ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එහිදී ද ඇමතිවරුන් විරෝධය පළ කර තිබේ.
මෙම කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ඊට විරෝධය පළකර ඇති ඇමතිවරයෙකු ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා , ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක යන නායකයින් ඝාතනය කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ද මෙම වන්දි මුදල් ගෙවන්නේ දැයි ප්‍රශ්න කර ඇති බව දැන ගන්නට තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.