අයි. පී. එල්. තරගාවලියේ තරග කිහිපයක ප‍්‍රතිඵල වෙනස් කරවාගැනීම සඳහා තමන් ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයකුට ඉන්දීය රුපියල් මිලියන 100 ක මුදලක් දුන්නේ යැයි ඉන්දීය බුකිකරුවකු ප‍්‍රකාශ කළ බව වාර්තා වේ. මුම්බායි පොලිස් වාර්තා උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත මේ බව පසුගිය සෙනසුරාදා (19 වැනිදා) වාර්තා කළේය. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (20 වැනිදා) කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන් තමන්ට සහතික කළ බවයි ”බුකිකරුවකු විසින් කරන ලදැයි කියන මේ ප‍්‍රකාශය සත්‍ය එකක් ලෙසින් අපට බාරගන්න බෑ. ඔවුන් බලන්නේ අවධානය තමන් වෙත ඇදගන්නයි” ”අපේ කී‍්‍රඩකයන්ව අපට සියයට 100 ක් විශ්වාසයි. ඇරත් මේ තරම් කාලයකට ශී‍්‍ර ලංකාවේ කිසිම කී‍්‍රඩකයකුට එවන් චෝදනාවක් එල්ල වෙලාත් නෑ” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඉන්දීය කී‍්‍රඩකයන් පස් දෙනකුට තාවකාලික තරග තහනමක් පැනවීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මේ වන විටත් පියවර ගෙන ඇත. එම කී‍්‍රඩකයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනට පරීක්‍ෂණ කටයුතු කෙරෙමින් පවතී. මුදලට තරග පාවාදීමට සම්බන්ධ වූයේ යයි සැකපිට සෝනු යෝගෙන්ද්‍ර ජලාන් සහ දේවේන්ද්‍ර ශී‍්‍රපාල් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් පවසා ඇත්තේ අයි. පී. එල්. තරග පාවාදීම සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකුටත් ඉන්දීය රුපියල් කෝටි 10 ක් (ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි විසිතුන හමාරක්) ගෙවන ලද බවයි. මේ අතර ලබන සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන තරගද ගණිකාවන් යොදවා ගනිමින් මුදලට පාවාදීම සඳහා උත්සාහයක් තිබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කර තිබිණ. ඒ සඳහා 170 දෙනකුගෙන් සමන්විත පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද නවදිල්ලි පොලිසිය කියයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තාවට අනුව බංග්ලාදේශයේ පැවැති විස්සයි/20 තරගද මුම්බායි ඒජන්තයන්ගේ උවමනාකම් පරිදි මුදලට පාවා දී ඇති බවට තොරතුරු අත්අඩංගුවට පත් අයකු සතුව තිබේ. මෙම තැනැත්තිය ‘කොකේන්’ නැමැති මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි අතර ගණිකාවන් 8 දෙනකුද සමගින් පසුගිය මාර්තු 31 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට සූදානමින් සිටියාය. එහෙත් පසුව එම ගමන අවලංගු කර දමන ලදි. මෙම තැනැත්තිය සහ බුකි කරුවන් අතර රැස්වීම් ගණනාවක් කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටල ගණනාවකදීම පැවැත්වීමටද නියමිතව තිබුණ බව ඉන්දීය පොලිසිය කියයි. ඇතිවීගෙන යන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විසින් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවටද පැමිණිලි කර තිබෙන බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත කියයි.
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුම්බායි බුකිකරුවෝ අලූත් පොතක් පෙරළති
සිසිර Monday, 21 May 2012 12:26 PM
ක්‍රිකට් මුදලට විකුණන්න ගියහම ඕවා සාමාන්‍ය දේවල්
මතීශ Monday, 21 May 2012 12:54 PM
වෙන්න බෑ....
ටිකිරි Monday, 21 May 2012 02:20 PM
"රට පවා දීපු මට එක තරගයක් මුදලට පවා දෙන එක හරියට වෙහෙරක් ගිලපු මට අග්ගලාවක් කජ්ජක්ද කියල ඇහැව්වා වගේ".