
(රොමේෂ් මධූෂංක)
මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පාලනාධිකාරිය පවසති.
වෛද්‍යවරයා දින කීපයකට සිට රාජකාරියට වාර්තා කර නැතැයි වාර්තා වේ.
මේ පිළිබඳව මන්නාරම් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. හනීෆා මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට කිසිදු දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා කර නැති බවයි.
රෝගීන් පත්වන අපහසුතාවයන් මඟහරවා ගැනීමට එම රෝගීන් වවුනියාව රෝහලේ සහාය ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.