
(අංජුල මහික වීරරත්න)
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වර්ෂ 2030 වන විට මෙරට විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණ සඳහා වන රජයේ පුළුල් සැලැස්මට අනුකුලව, වසර 20 ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත මෙගාවොට් 100 මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානය (මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02ක්) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ උනන්දුවක් දක්වන සංවර්ධකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා 2025-02-10 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ
ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් කැඳවන ලදුව, ව්‍යාපෘති යෝජකයින් හත්දෙනෙකු විසින් සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ WindForce PLC වෙත එකී මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර පහසුකම් දෙක ( 2 ) ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
596
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්නාරමට තව සුළං බලාගාර දෙකක්