(සුජිත් හේවාජුලිගේ)
නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීමට ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට පෙළ ගැසෙන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ලිපියක් යොමු කරමින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අද (17) ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම්වලදී ඒ වෙනුවෙන් පුළුල්ව හඬ නැගීමට ඉදිරිපත් වන ලෙසද ඔහු එම ලිපියෙන් ඉල්ලා සිටියේය.
නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීම පිවිතුරු අරමුණකින් කරන ප්‍රතිසංස්කරණයක් නොවන බවද වලේබොඩ මහතා සඳහන් කළේය.
වසර 50 කට අධික කාලයක් තිස්සේ මේ රටේ දරුවන්ට සිය මවුබස වන සිංහලෙන් හෝ දෙමළෙන් නීති විද්‍යාල විභාග සඳහා පෙනී සිටීමේ හැකියාව තිබූ බවත් නීති ක්ෂේත්‍රය තුළ නිශේධනාත්මක ලක්ෂණ නිර්මාණය වූයේ මවු භාෂාවෙන් නීතිය හැදෑරීම නිසා නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලැබූ තැනැත්තන් අතට නීති ක්ෂේත්‍රය පත්වීම සමඟ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා කිරීම නීති ක්ෂේත්‍රයේ හා නීති අධ්‍යාපනයේ ගැටලු විසඳීම වෙනුවට එම ගැටලුව අර්බුදයක් බවට පත් කිරීමට දරන උත්සාහයක් බවද වලේබොඩ මහතා පෙන්වා දුන්නේය.
නීති අධ්‍යාපනය ඉංග්‍රීසියට සීමා කිරීමෙන් ස්ව භාෂාවෙන් උගත් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනයාගේ දරුවන්ට නීති අධ්‍යාපනයේ දොර වැසී යැම අනිවාර්ය බවත් නීති ක්ෂේත්‍රය ඉංග්‍රීසි උගත් එක්තරා බමුණු කුලයක් අතට පත්කිරීමේ දිගුකාලීන වැඩවසම් සමාජ ක්‍රමයක් ඇති කිරීමට පදනම දැමීම එම කූඨ වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අරමුණ බවත් මන්ත්‍රීවරයා කීවේය.
මිනිසකුගේ උපරිම නිර්මාණාත්මක භාවය නිරාවරණය වන්නේ මවුබසින් සිතීමෙන් බවත් ඒ බව තහවුරු කෙරෙන පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය දශකය තුළ ප්‍රකාශයට පත්වී ඇති බවත් වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවුබසින් ඉගෙනගත්ත අය ඒ සියල්ල අමතක කර සුපිරි සුඛල්ලිකානුයෝගය පරම අවශ්‍යතාව කරගෙන දඟලනවා පේනකොට බමුණු කුලයට ඉහළ වෘත්තීන් සීමාවීම හොඳයි කියලා පේනවා මන්ත්‍රීතුමා. ලොකුම උදාහරණය පාර්ලිමේන්තුව. ඉස්සර පත්වූ ධනපති මන්ත්‍රීලයි පසුකාලීනව ආ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන අයයි අතර වෙනස අද රටම දන්නවා.
විභාග කරන දරුවන්ට පාඩම් කරන්න විදුලිය දුන්නෙ නැත්නම් මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. විභාග උත්තරපත්‍ර බලන එක පරක්කු කළොත් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. දළදා මාලිගාවේ, ජය ශ්‍රී මහා බෝධියේ, අරන්තලාවේ වෙඩි තියනකොට බෝම්බ පුපුරනකොට බෞද්ධයින්ගේ අයිතිවාසිකම් කඩවෙලා නැහැ. උසස් අධ්‍යාපන නිදහස, ස්වභාෂා නිදහස අහිමි වෙනකොට මූලික අයිතිවාසිකම් කඩවෙලා නැහැ. ඒකනිසා ස්වාධීන නීතිඥවරුවත්, ඊනියා මානව හිතවාදීන්වත් කවුරුවත් කථා කරන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යාපනය නැතිකරන කාලකන්නි ගුරුවිදුලි වගේ කාලකන්නි පාරට බැහැලා පාරවල් අවහිර කරගෙන රටට කෙලවනකොට, කුඩු කාරයින් මංකොල්ලකාරයින් අල්ලනකොට, ජාතික වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රාදේශීය සභා ඡන්ද අයිතිය ඉල්ලනකොට ඒ ද්‍රෝහීන්ගේ අයිතිවාසිකම් රකින්න හැත්ත බුරුත්තක් ඉන්නවා ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න. කාලකන්නින්ව රකින, අනාගත පරපුර වනසන, අහිංසක බහුතර සාමාන්‍ය ජනතාව අමාරුවේ දාන මාරම සුපිරි මානව හිමිකම් තියෙන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක... එහෙ යුගයක වලේබොඩ මන්ත්‍රී තුමයි, විජේදාස රාජපක්ෂ මැතිතුමායි දරණ උත්සාහයට උපහාරයක් වේවා...!
ලංකාව ලෝකයට නිරාවරණය වීමට නම් නීතිය පමණක් නොවෙයි, අනෙකුත් විෂයයන් සහ පාඨමාලාද ඉංග්‍රීසිවලින් ඉගැන්වීම කළයුතුයි..
ඔය කීවාට 134 දෙනා අත උස්සන්න ලොක්කා කියන දේට.... ලොක්කාගේ මව් බස ඉංග්‍රීසි. එකයි මේ වෙනස කරන්න යන්නේ. ඕකට සජිත් ගේ අයත් පක්ෂයි...