
(රන්ජන් කටුගම්පොල)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට කළ පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 15 වන දින සලකා බැලීමට අද දින නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන රාමනාදෙන් මහතා පාර්ලිමේන්තුවට තරග කිරීමේදී රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතීන් අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතු වුවත් එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රී අර්ජුන්ට එරෙහි පෙත්සම ලබන වසරේ විභාගයට