
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කවුරු හරි වෙන වෙන දේවල් කිරීමට හීන මවනවනම් ඒවාට ඉඩ නැති බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හදනවා නම් ඔක්කොම අල්ලා හිරේ දමන බවද සඳහන් කළේය.
රාජපක්ෂවරු වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදල මන්ත්‍රීවරු බිලිබා ගත් හැටි හොදින් දන්නා බවත් එය බොරුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
රත්නායක මහතා මෙසේ පැවසුවේ රේගු ආඥා පනතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.
ජාතික ජන බලවේගය දිනාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9927ක් බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ ඔය උද්දච්ච, අසික්කිත කටවල් නිසා තමයි මේ සැරේ ඔය ගාණට කෙළවාගත්තේ. අපිට ඕනෑ වුණේ තවත් මර්වින් සිල්වාලා මහින්දානන්දලා සෙට් එකක් නෙවෙයි බිමලෝ. ඔයා දැන් නඩුකාරයෙක්ද? ඕනැ ඕනැ අයව හිරේ දාන්න... බූරු කතා කියන්න එපා...
හා…හා.. කයිය ඇති පුළුවන් නම් කරලා පෙන්නන්න. මිනිස්සු ඊයේ පෙරේදා දුන්නු ටොක්ක අමතක කරන්න එපා. කෝ අර ෆයිල්...? ඒවා ඉස්සෙල්ලා ඉවර කරන්න කියලයි මිනිස්සු කණට ගැහුවේ… අපි මාලිමාවට අනුරට කැමැති වුණත් මාලිමා බයියෝ නොවෙයි.
පළමුව කජු සීයා, දෙවනුව පුතානේ....
ඒ ගොල්ලන් සල්ලි වලින් බිලී බානවා. ඔයගොල්ලන් 1987 නේද අර කිව්වේ පළාත් සභා ඡන්දෙට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන පළවෙනි මනුස්සයාව මරනවා කියලා. ඒ කාලේ මැරුවත් නේද සමහර අපේක්ෂකයින් හා පවුල්වල අයත් ඒ වගේම ඡන්ද දායකයින්වත්.... මෙයාලා සල්ලිවලින් බලේ ගත්තා... ඔයාලා තුවක්කුවෙන් බෝම්බයෙන් බලේ ගන්න ගියා. ඔක්කොම එකයි. මේ පාරත් එයාලා සල්ලි වලිනුයි ඔයාලා තග දාලයි බලේ ගන්න යන්නේ...
අපට නම් ආරංචි ඕකේ අනික් පැත්ත. කයිවාරු කාරයෝ ටික තමයි කලින් හොරු විදිහට හංවඩු ගහපු අයව මිල දී අරගෙන සභා පිහිටුවලා තමන්ට ජනතාව ඇන්න ටොක්කේ අමාරුව හොඳ කර ගන්න හදන්නේ... මාලිමාවට අත් වූ මේ කණගාටුදායක ඉරණමට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයකු වන්නේත් බිමල් රත්නායක. කොට්ටහච්චි, හේවගේ, වසන්ත සමරසිංහ, රංවල, නලින්ද ජයතිස්ස සහ ලක්මාලි හේවගේ එළිපිටත්, ටිල්වින් සිල්වා තිරෙන් පිටුපස සිටත් සෑහෙන වැඩ කොටසක් කළ බව ජනාධිපතිතුමා තේරුම් ගත්තොත් මාලිමාණ්ඩුවට හොඳයි.
පක්ෂෙ නමින්ම අදහස් දානවා කියන්නේ හොඳටම ගෙවනවා ඇති. හැබැයි වෙන්නේ තියන ඡන්ද ටිකත් අඩුවෙන එකයි.
"කතාව දෝලාවෙන් ගමන දනිස් දෙකෙන්". ක්‍රියාත්මක කරන්න බැරි ඔය වගේ කතා හින්දා තමයි මේ නස්පැත්තිය උදා වුනේ. නඩුවක් වැටිලා රිමාන්ඩ් වුණා විතරයි "පොලිස්පති කෙනෙක් හිරේ යනවා කවද්ද දැක්කේ, ඇමැති තුන් හතර දෙනෙක් හිරේ, තව දෙතුන් දෙනෙක් ළඟදීම හිරේ යනවා. හොරු නැති මහ ආණ්ඩුවක් ඇතිකරා... දැන් තියෙන්නේ ගමටත් හොරු නැති පාලනයක් ගෙන එන එකයි " වගේ තමන්ගේ බාලයෝ සතුටු කරන්න කියපු පම්පෝරි කතා තමයි පාරාවළල්ලක් වෙලා ආපහු කැරකිලා ඇවිත් පස්ස පැත්තේ පතබෑ වුනේ. දැන්වත් දුන්න පොරොන්දු ඉටු කරන්න බැලුවොත් නරකද? රට කරවන එක කයිය ගහන එක තරම්ම ලේසි දෙයක් නොවේ නේද සහෝදරයා...?
අපිට නම් අහන්න ලැබුනේ කෙසේ හෝ කොළඹ නගර සභාවේ බලය ගත යුතුයි කියලා නියෝගයක් ආණ්ඩුවේ ඉහළින් ආවා කියලා.., අපි එහෙම ප්‍රවෘත්ති දැක්කා. එතකොට අර නායකයොත් හිරේ දානවාද මහත්තයා...?
තවමත් කටනම් අඩුවක් වෙලා නැහැ. උද්දච්චයෝ..!
බලේ පිහිටුවන්න බැරිනම්, හිරේ දැම්මාට කමක් නැහැ නමුත් අර 87 / 88 කළා වගේ දේශපාලන විරුද්ධවාදීන්ට රෑට ගෙදරට ඇවිත් මරණ දඬුවම නම් දෙන්න එපා...!
මෙතන බයි සංසදය ආතල් ගන්නවා, 2018 පළාත් පාලන මැතිවරණයේදී ආයතන දෙසීය හැත්තෑ ගාණක් ගත්තු පොහොට්ටුව බිංදුවට වැටිලා, තිස් ගණනක් ගත්තු සජබ දහසයට වැටිලා තියෙන නමුත් සංසදයේ නෝනලා මහත්වරුන් ආතල් ගන්නවා... එයාලා දිනලා කියලා... පව් අසරණ ජීවිත. ජාතික ජනබල වේගය තමන් දිනුව සියලුම ආයතන වල බලය අනිවාර්යයෙන්ම පිහිටුවනවා... නමුත් ඒ හොරු සමග නොවෙයි කියලා මතක තියාගන්න.
කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
මොවුන්ගේ තනිකරම කයිවාරු, උද්දච්ච හීනමානය...
මෙයාද දැන් ලංකාවේ අගවිනිසුරු.. කවුද මෙයාට මෙහෙම බලයක් ලබාදුන්නේ...