ශ්රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත් හිටුවා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ලබා දී තිබූ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 51 ක මුදල මෙසේ චීනයේ එක්සිම් බැංකුව අත්හිටුවා ඇත.
ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා 2000ක් පමණ අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි පැවැසෙයි.
එසේම කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක දුරක් ආවරණය වන පරිදි ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයින් 500 දෙනකු පමණ දැනටමත් පිටත් වීමට පටන් ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
ණය පහසුකම අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාදයකට ලක් වන බවත් ඒ හේතුවෙන් ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුට දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳුනු පසු අත්හිටුවූ ණය පහසුකම නැවත ලබා ගැනීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන බව ආරංචි මාර්ග පැවසුවේය.
COMMENTS
කොමිස් ගන්නේ වැඩේ පටන් ගන්න කිලින්නේ. දැන් ඉතින් වැඩේ යකාට ගියත් අපිට මොකද නේද?
ආධාර අරන් ඒවා ගිලින්න බලාගෙන ඉන්න පිරිස් දිහා චීන්නු අවධානයෙන් ඉන්නෙ.
It's a shame. The high way will support to increase the tourism. It's convenient way to travel to any destination within the country in a short time.
ගිය සුමානේ රනිල් චීනයට ගිහින් ආවේ. ඒත් මේ සුමානේ චීන සහනාධාර පහසුකම් අත්හිටුවලා
යකඩ මල කනවා. දිරනවා. පාලම ආදිය ප්‍රමිතියෙන් තොර විය හැකිය. අනතුරදායකය.
දැන් ඕනෑ කරත්ත පාරවල්, සයිකල් මන්තීරු මිසක් අධිවේගී මාර්ග නෙවෙයි...!