(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා ජනතාවගෙන් අදහස් සහ යෝජනා ගැනීමට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
රටේ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා කතානායකවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජුනි මස 8 වැනිදාය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරු 11 දෙනෙක් ඇතුළත් වෙති.
කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතාය. මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා අදහස් හා යෝජනා ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලබන ඔක්තෝබර් මස 12 වැනිදා හෝ ඊට ප්‍රථම යොමුකළ හැකි බව කමිටුව පවසයි.
මෙයට අමතරව legis [email protected] යන විද්‍යුත් ලිපිනයටද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මත් උවදුර පාලනයට මැතිසබයෙන් අලුත් තීරණයක්
Anura Friday, 15 September 2023 04:46 PM
ප්‍රගුණ කිරීමට ගත්ත පියවරක්...
Duminda Friday, 15 September 2023 05:12 PM
දුමින්ද සිල්වා, ලන්සා, ප්‍රමිත බණ්ඩාර, ප්‍රසන්න රණතුංග කමිටුවේ ඇති...!
ravin Friday, 15 September 2023 06:03 PM
මේ දවස්වල පේන කාරයින්ට අපලයිලු... ඒ හින්දා අපි දැන් පේනකාරයින්ගේ අම්මලාගෙන් තමයි පේන අහන්නේ... හරක් කටා කියලා තියනවලු රට පැන්නේ දේශපාලු උදව්වෙන් කියලා ජනමාධ්‍ය තුළින්ම දැක්කා.