(අතුල බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිඳුණුවැව පඬිකාරමුල්ලේ රත්මල්වැටිය ගම්මානයේ නිවෙසක අලුත් අවුරද්ද වෙනුවෙන් පැවැත් වූ මත්පැන් සාදයකට සහභාගී වූ තිදෙනකුගෙන් දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කේ.ජී. සෙනෙවිරත්න (55) සහ එස්.ජි.ලොකු බණ්ඩාර නමැති දෙදෙනෙකි.
මත්පැන් සාදය අතර තුර මෙම තිදෙනාම එකවර සිහි මූර්ජා වී ඇති අතර කඩිනමින් රෝහලට රැගෙන යද්දී දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිහි මුර්ජා වූ අනෙක් පුද්ගලයා ගලෙන්බිඳුණු වැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාර් කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මත්පැන් විස වූයේ දැයි පොලිසිය පරික්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමේ අදීනව