IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මාතලේ විජය - පුෂ්පදාන විදුහල් ශූරතා දිනා ගනියි

මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ වසර 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ වයස 19 න් පහළ ආරාධිත පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට මාතලේ විජය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී සත්කාරක පුෂ්පාදන විදුහල බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්විය. කණ්ඩායම් 12 ක් සහභාගි වු බාලක තරගාවලියේ අවසන් මහා තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල ගෝල 3/1 කින් පරාජය කිරීමට මාතලේ විජය විදුහල සමත්විය. තරගයේ පළමු අර්ධයේදීම විජය විදුහල ගෝල 2/0 කින් පෙරමුණ ගත්තේය. බුද්ධික නවීන් පීරිස් (1), විමුක්ති මාලිංග බණ්ඩාර (1) සහ සිතුම් මුණසිංහ (1) විජය විදුහලේ ජයග‍්‍රාහී ගෝල තුන ලැබුහ. කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් සහන් රත්නායක ගෝලය ලැබීය. පුෂ්පදාන විදුහල සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැති බාලිකා අවසන් මහා තරගයෙන් පුෂ්පදාන විදුහල් ක‍්‍රීඩිකාවෝ ගෝල 1/0 ක ජයක් ලැබුහ. ජීවන්ති රත්නායක පුෂ්පදාන විදුහලේ ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තාය. බාලිකා තරගාවලියට එක් වු කණ්ඩායම් ගණන 12 කි. විජය විදුහල් පිලේ විමුක්ති මාලිංග බණ්ඩාර සහ පුෂ්පදාන විදුහල් පිලේ අවිහිංසා නිර්මාණී දක්‍ෂතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකා සම්මාන හිමිකර ගත්හ. මාතලේ විජය විදුහල් පිල පුෂ්පාදන විදුහල් පිල



අදහස් (0)

මාතලේ විජය - පුෂ්පදාන විදුහල් ශූරතා දිනා ගනියි

චන්ද්‍රසිරි Sunday, 28 October 2012 09:34 PM

චිරාත් කාලයක් තිස්සේ හොකී වලට දක්ෂ මාතලේ , නුවර තමයි. (නි)

:       0       0

ගුවනි Wednesday, 31 October 2012 02:50 PM

සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site