
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ප්‍රියන්ත දසනායක)
මාතර සමුපකාර රෝහලට සිදු කරන දේශපාලන බලපැම් නතර කරන ලෙස ඉල්ලා එහි සේවක සේවිකාවන් අද උදෑසන සිට රාජකාරීවලින් ඉවත් වී ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
විශේෂයෙන්ම එම රෝහලේ සභාපති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය පිලිබදව සාමාජික ඡන්දයෙන් පත් වු සභාපති චමින්ද ගුණසේකර මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය හා දකුණු පලාත් සමුපකාර කොමසාරිස්වරිය විසින් පත් කල සභාපති ඒ.ඒ.ඩී. අමින්ද මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය අතර පැවැත්වු සාකච්ඡාව විසදුමකින් තොරව නිමාවට පත් විය.
එම සාකච්ඡාව පැය 05 කට ආසන්න කාලයක් දකුණු පලාත් සමුපකාර කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර ඊට සහභාගී වු ඇය විසින් පත් කළ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට සේවක සේවිකාවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෘ තුමනි, මේක වාර්තා කරන ක්‍රිෂාන් ජීවක ජයරුක් සම්පූර්ණයෙන් නඩත්තු කරන්නේ දැනට ඉන්න දූෂිත සභාපති චමින්ද ගුණසේකර කියලා කියනවා. බොරුවක් නම් ජයරුක්ගේ සමාජ මාධ්‍ය පිටු වල comments බලන්න.
හොරුන්ගේ පැත්තේ ඉන්නේ කොමසාරිස්වරියද, එහෙම නැත්නම් සමූපකාර සේවකයෝද කියලා එම පළාතේම අවංක මිනිස්සු තමයි තීරණය කරන්න ඕන. හොරකමට, දූෂණයට සහ වංචාවට එරෙහිව කවුරු කවුරුත් නැගී සිටිය යුතුයි. ලංකාවේ ආයෙත් හොරකම් කරන්න දෙයක් තවමත් ඉතිරුවෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.