IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මාතරට සැඩ සුළඟක්

මාතර නගරයේ හදිසියේ ඇතිවූ සැඩ සුළඟකින් ඩිජිටල් නාම පුවරු ඇතුළු කටවුට් දැන්වීම් ආදිය තැන තැන කැඞී වැටුණේය. පාතේගම ප‍්‍රදේශයට ද මේ සුළඟින් හානි සිදුවී තිබේ. ගහකොළ දැඩි ලෙස කැරකී යන මෙවැනි සුළඟක් මෑතකදී නොදුටු බව වැසියෝ කියති. වාහනයකින් පවා මාර්ගයේ යෑම අපහසු බව ඔවුහු කියති.



අදහස් (0)

මාතරට සැඩ සුළඟක්

MARA Friday, 25 November 2011 11:22 AM

හිමාලි නංගි ඔයා කිව්ව එක හරි... ඔයාට පේනවනෙ ඔයාගෙ ප්‍රතිචාරයට උත්තර එවල කියෙන කට්ටියම දකුණෙ කියලා. දකුණෙ කොච්චර කල්පනා නොකරන අයද ඉන්නේ?

:       0       0

වීරසිංහ ද සිල්වා Friday, 25 November 2011 11:47 AM

භුගෝලීය ඉතිහාසය ගැන කතා කරන හිමාලි ඉතිහාසය ගැන දන්නවද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සිරි සුමංගල, තංගල්ලේ රාජපක්ෂ වගේ අය නැත්නම් අද අංකාවත් අපිට නෑ නේද?

:       0       0

තරිදු Friday, 25 November 2011 11:53 AM

වීරසිංහ හරි.. ඒත් පොඩි අඩුවක් තියනවා.. ඕකට තව නමක් එන්න ඕන.. අම්බලංගොඩ පොන්සේකා ඔය හැමෝම එන්න ඕන..

:       0       0

සනත් Friday, 25 November 2011 11:53 AM

සුළග ටිකක් දරුණුයි, මාතර, තිහගොඩ වගේ ප්‍රදේශ වලට නිවස, විදුලි සැපයුම් (ට්‍රාන්ස්ෆොර්මර්) අලාබහානි වෙලා.

:       0       0

මන්ගල Friday, 25 November 2011 12:09 PM

ගෑණුළමයෙග්ගෙ කතාවක් නිසා දකුණෙ අය වාදෙකට පැටලිලා. මුළු ලංකාවම එකයි. අපිට අපි විතරයි

:       0       0

Indika Friday, 25 November 2011 02:10 PM

දකුණේ වුනත් උතුරේ වුනත් අමාරුවක වැටුණාම එහෙම කියන එක හොඳ දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. එහෙනම් දැන් උතුරු මැද වතුර ගලන්නේ. කන්ද උඩරට නාය යන්නේ. මේවා එහෙම බෙදන්න පුළුවන් කමක් නෑ. නමුත් මේවා වෙන්නේ නම් මිනිස්සුන්ගෙම වැරදි වලින්.

:       0       0

dakuna Friday, 25 November 2011 02:04 PM

රුහුණු කතරගමට අදිපති කඳ සුරිදුන්ගේද රුහුණු රටට සෙත සදන විෂ්ණු දීවරජෝත්තමයනන්ගේද ගැටබරු කන්දෙන් බැලුම්හෙලන ගැටබරු දීවරජෝත්තමයනන්ගේද සීනිගම වැඩ වසමින් අප රැකදෙන දෙවොල් දීවරජෝත්තමයනන්ගේද ආරක්ෂාව ලබන බෙන්තර ගගෙන් එපිට පිහිටි මේ යෝද බල යෝද ශක්තිය ඇති දස මහා යෝදයන්ගේ දරු පරම්පරාව සුනාමියෙන් සුළගින් කෙදිනකවත් සැලෙන්නේ නැත. අහස ගුගුරුවාලන කටහඩක්ද සත් කුලුපව්ව සෙලවිය හැකි ශක්තියද ඇති වැලිමිරික වතුර ගන්න දකුණේ අප කිසිදා නොසලෙන්නෙමු.

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Friday, 25 November 2011 10:57 AM

භූගෝලීය පිහිටීම අනුව ලංකාවෙ දකුණට ඔය වගේ දේ සුළබයි සුළගයි ගගයි මුහුදයි තමයි මේවාට හේතුව දකුණේ ඉන්න කපටි අය ඒ නිසයි මෙහෙම වෙන්නේ අහලා තියෙනවානේ බෙන්තර ගගෙන් එපිට ඇස් ඇරපු බළලෙක්වත් එපා කියලා (පොඩි විහිඵවක් හොදද)

:       0       0

ලලිත් Friday, 25 November 2011 10:40 AM

ඔයා දන්න භූගෝලය

:       0       0

Zinan Friday, 25 November 2011 11:15 AM

හිමාලි දකුණෙ ඉපදෙන්න පින් කරන්න ඕන.. අශෝභන කතාදාන්න එපා..

:       0       0

ලලනි Friday, 25 November 2011 10:56 AM

ඇස් ඇරපු බළලෙක් නෙ ගේන්න හොද නැත්තේ. ඉතින් ඇස් ඇරපු නැති බළලෙක් ගෙනාවනම් හරිනේ?

:       0       0

අර්ජුන Friday, 25 November 2011 10:59 AM

අපිට නම් ගානක් නෑ අපි දකුණෙ අයනේ

:       0       0

අයි ගමගේ Friday, 25 November 2011 11:03 AM

අද ලංකාව කියල රටක් තියෙන්නේ දකුණ නිසා තමයි...

:       0       0

ප්‍රමුඛ Friday, 25 November 2011 11:04 AM

බැලලියක් ගෙනාවට කමක් නැද්ද?

:       0       0

ප්‍රසාද් Friday, 25 November 2011 11:05 AM

මොනව වුණත් මිනිස්සුන්ට විපතක් විච්ච වෙලේ ඔහොම කියන එක නරකයි නේද?

:       0       0

zinan Friday, 25 November 2011 11:07 AM

දැක්කද හිමාලි, ඔයාගෙ එක සද්දෙට දකුණෙන් කීයක් ඉන්නවද කියල? අපි දකුණෙ වීම ආඩම්බරයක්...

:       0       0

kaiko Friday, 25 November 2011 11:08 AM

දකුණෙ තියෙන්නෙ නියම සිංහල ලේ තියන මිනිස්සු.. බෙන්තර ගගෙන් එහාට ඇසු ඇරපු නැති බලලෙක්වත් ගේන්න එපා කිව්වෙ එහෙ මිනිස්සු කපටි නිසා නෙමෙයි. දකුණෙ මිනිස්සුන්ට හොද මොලයක් තිබ්බා. ඒකට අනිත් අය ඉරිසියයි. ඔබ බළල් පැටියගෙ කතාව මිනිස්සු කිවවෙ ඒක නිසා. දකුණෙ ඉන්නෙත් බය නැති හොද මිනිස්සු....

:       0       0

නුවන් Friday, 25 November 2011 11:11 AM

අපිත් දකුණෙ අය

:       0       0

අචල Friday, 25 November 2011 11:35 AM

ඒ වගේ ව්‍යසන වලට ඔරොත්තු දෙන මිනිස්සු තමයි දකුණේ ඉන්නේ. හිමලිලා වගේ පරදැල් නෙවෙයි

:       0       0

ප්‍රමුඛ Friday, 25 November 2011 11:36 AM

වමෙන් ගියත් අපි දකුණෙ තමයි....

:       0       0

Dark Angel Friday, 25 November 2011 11:21 AM

කොහේ උනත් ලංකාවනේ.. කොයි පැත්තට උනත් ඉන්නෙ අපේ මිනිස්සුනේ හිමාලි.. මම නම් දකුණෙ නෙමෙයි.

:       0       0

තරිදු Friday, 25 November 2011 11:42 AM

මහින්ද මහත්තයයි, පොන්සේකා මහත්තයයි දෙන්නම දකු‍ණෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site