IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි 31 ක් ඉපයූ තිදෙනෙක් දැළේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 ක මුදලක්  බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ සේවකයෙක්,  මෝටර් රථ අමතර කොටස්  ව්‍යාපාරිකයෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත්බව  බස්නාහිර පළාත දකුණ දිසාව  අපරාධ කොට්ඨාසය කියයි.

සැකකාර මීගමුව නගර සභාවේ සේවකයාගේ ගිණුමේ  රුපියල්  කෝටි 18 ක් ද ව්‍යාපාරිකයාගේ ගිණුමේ රුපියල් කෝටි  5  ක්ද , අනෙක් පුද්ගලයාගේ  ගිණුමේ   රුපියල් කෝටි 8   බැගින්  බැර වී  තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් මැයි මස 22 දෙවැනි දින රත්මලාන ජයසුමන මාර්ගයේදී හොරොයින් මත්කුඩු  ග්‍රෑම් 9 මිලිග්‍රෑම්  500 ක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රභාත් චතුරංග නැමැත්තාගෙන්  සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟව සිටින  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා‘ නොහොත් ‘ධර්මෙ‘ නොහොත් ‘ඇල්ටෝ‘   හා ඉතාලියේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමල් ශාමන් සිල්වා නොහොත්  " රත්මලාන කුඩු අංජු" නැමැත්තන් ඉමෝ තාක්ෂණය හරහා සම්බන්ධ වී විවිධ පුද්ගලයන් හරහා  ලබාදෙන  හොරෙයින්  මත්කුඩු සඳහා   මුදල් බැර කරන ගිණුම් අංකය සොයා ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී  මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය .



අදහස් (1)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි 31 ක් ඉපයූ තිදෙනෙක් දැළේ

මහසෙන් Friday, 25 September 2020 08:52 AM

දකුණු ඉන්දියාව නියෝජනය කරමින් ක්ෂේත්‍රයට පැමිණි නිසා බොලිවුඩ් සිනමාව තුළ මෙම විශිෂ්ඨ ගායන වේදියාට නිසි ගෞරවය හිමිවූවා ද යන්න භාරත රසික සමාජය තුළම කතිකාවක් පැනනැගුණා. ඒ කෙසේවෙතත් ඔහු ජන හදවත් ස්පර්ශ කළ නිර්මාණ ශිල්පියෙක්. ඔබට සුබ ගමන්... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site