
( සිතුම් චතුරංග )
මන්නාරම,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මන්නාරම දිසාව භාර රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හා හලාවත දිසාව භාර රඳගුරු විමල්සිරි ජයසූරිය පියතුමන් ඇතුළු කිතුණු පුජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදැසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
කිතුණු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරත් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය පසුගිය 01 වැනිදා සිට අාරම්භවිය.
මඩු මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා වෙසෙන කතෝලික ජනතාව විශාල පිරිසක් සහභාගිවීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.
යුද සමයේදී සිට වාර්ෂිකව මඩු මංගල්ලය වෙනුවෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වන අතර මෙවරත් දස දහසකට අාසන්න බැතිමතුන් පිරිසක් මඩු මංගල්‍යය සඳහා සහභාගී වී සිටියහ.
මන්නාරම දිසාව භාර රඳගුරු නිවස්න,මන්නාරම කතෝලික සභාව,මඩු දේවස්ථාක පාලක සභාව,මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මන්නාරම ආරක්ෂක අංශ ඇතුළු විශාල පිරිසකගේ සහයෝගයෙන් මඩු වාර්ෂික මංගල්ලයේ කටයුතු සංවිධානය කොට තිබිණ.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ.කනගේශ්වරන් මහතා ඇතුළු පිරිසක්ද දේව මංගල්‍ය වෙනුවෙන් සහභාගි වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd