(නිමල් ජයරත්න)
මඩකලපුව වාලච්චේන පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයකු සහ ත්‍රීරෝද රථ රියදුරකු අද (10) අලුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වයස අවුරුදු 35ක පමණ අයකුවේ.
කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මඩකළපු සරසවියෙන් බඩු ඉස්සූ කෝප්‍රල් මාට්ටු
Mh Mohan Sunday, 10 September 2023 04:42 PM
තවත් හාල් මැස්සෙක්
gunda Sunday, 10 September 2023 11:42 PM
මඩකලපුවේ කොහේද ශරියා විශ්ව විද්‍යාල තියෙන්නේ..? මඩකලපුවේ තියෙන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාල බව නොදන්න ඇතැම් මාධ්‍ය දෙමළ, මුස්ලිම් නිජබිම් හදලා දෙන්න උත්සාහ කරනවාද? කන්ද කැඩුව ගමට කන්ද කාඩුව කිව්වොත් ඔය මාධ්‍යෙයන්ම තමයි.