IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මෝටර් ගේඩරයට ගුවන් හමුදා භටයා බිළි

( කාංචන කුමාර   ආරියදාස)

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේදී අද(11 )   මෝටර් ගේඩර යක් සහ යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී ගුවන් හමුදා භටයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

 මෙසේ මියගොස් ඇත්තේ එන්.ජි . ලක්ෂ්මන් සජිත් සේනාරත්න (37)   ඉහකුලු වැව ,දියබෙදුම ලිපිනයේ පදිංචි දෙදරු පියෙකි .

 දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතිද්දී මාර්ගයේ එක් පසෙකින් වාහන ගමන් කිරීම් සඳහා දඹුල්ල දෙසින් පැමිණෙන වාහන  කම්කරුවෙකු විසින් නවතන අවස්ථාවේදී නවතා තිබු යතුරු පැදිය පිටුපසින් පැමිණි මාර්ගයේ වැඩ කරමින් තිබූ    මෝටර් ගේඩරය  නොහොත් පස් කපන යන්ත්‍රය යතුරුපැදි කරු යට කරගෙකර ගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලිසිය කියයි.

 එම ස්ථානයෙහි තුවාල ලැබූ යතුරු  පැදිකරු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය

අනතුරෙන් පසුව මෝටර් ගේඩර යන්ත්‍රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය යතුරු යතුරු පැදි කරු ගේ දේහය පරික්ෂණ සඳහා දඹුල්ල රෝහලේ  තැන්පත් කොට තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 



අදහස් (3)

මෝටර් ගේඩරයට ගුවන් හමුදා භටයා බිළි

Ruhunu Saturday, 12 February 2022 02:46 AM

‘‘නිවන් සුව ලැබේවා...‘‘ සහෝදරයා ඔබට...!

:       0       0

Perera Saturday, 12 February 2022 06:54 AM

ඡායාරූප වලට අනුව නම් යතුරුපැදියේ පසුපසට කිසිම හානියක් නැහැ. ගේඩරය යතුරු පැදිය පසුපසින් ඇවිත් වැදුණා කිව්වට...

:       2       0

Bunny Preena Saturday, 12 February 2022 10:07 AM

බොහෝම කණගාටුදායක මරණයක් සහ ඉවසීමෙන් සහ සැලකිලිමත් ලෙස හොඳ සිහියෙන් වැඩකර වළක්වාගත හැකිව තිබූ අනතුරක්... මාර්ග තදබදයක් තියෙන වෙලාවක ක්‍රියාවිරහිත කර අනික් වාහනවලට යන්න ඉඩසලස්වලා තිබුණා නම් එම අනතුර වළක්වාගන්නට තිබුණා. අපරාදේ පවුලක් වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site