
ජේ.ඉඳුරුවගේ
රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 50, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 70,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 22 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.
මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 24 දා සිදුකිරීමට නියමිතය .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.