(ඩේලිමිරර්)
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදයට රාජ්යතාන්ත්රික විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු දැල්වීමත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අද (27) සියයට 1 කින් පමණ පහළ ගිය බව විදෙස් මාධ්ය පවසයි. මීට හේතුව වූයේ, තෙල් සැපයුම පිළිබඳ පැවැති බිය තාවකාලිකව පහව යෑම යැයි ද පැවැසෙයි.
ඒ අනුව, බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1 කින් (සියයට 0.86) පහළ ගොස් ඩොලර් 114.81 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකන් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ශත 88 කින් (සියයට 0.86) පහළ ගොස් ඩොලර් 100.88 ක් දක්වා අඩුවිය.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්වය සමනය කිරීමේ අරමුණින් සෞදිය, තුර්කිය සහ පාකිස්තානය යන රටවල නියෝජිතයන් ඊයේ (26) ඉරානයේ තෙහෙරාන් අගනුවරදී, ඉරාන බලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් තෙහෙරාන් අගනුවර සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යෑමට එම රටවල් එකඟ වූ බව ඉරාන රාජ්ය මාධ්ය වාර්තා කරයි. එම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඉරාන නායකත්වයේ මැදිහත් වීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd