IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බීලා වාහන පැද්ද එකසිය තුනකට ලෙඩේ

(අංජුල මහික වීරරත්න)
 
පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ(13)වන දා රට පුරා කළ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 103 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (13) සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13) දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6676 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 26125 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10791ක්ද යතුරු පැදි 8091ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 
එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකුද වරෙන්තුකරුවන් 530 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.



අදහස් (0)

බීලා වාහන පැද්ද එකසිය තුනකට ලෙඩේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site